Highlights
- ඇමෙරිකාවේදී ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති Barnaby Joyce කොවිඩ් වයිරසය සඳහා ධනාත්මක බවට සනාථ වී තිබේ. ඔහුට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ආරක්ෂිත වන තෙක් ඔහු එහි හුදකලා වනු ඇත.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි ජනගහනයෙන් පූර්ණ කොවිඩ් එන්නත ලැබූ පිරිස 80% මට්ටමට ළඟා වෙයි.
- ක්වීන්ස්ලන්තය සහ වික්ටෝරියා ප්‍රාන්ත දෙකෙන්ම පළමු Omicron ආසාදිතයින් වාර්තා වීමෙන් පසු Omicron කොවිඩ් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වීමට ඉඩ ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
- සිඩ්නි නුවර pub trivia night වෙත ගිය පුද්ගලයින් 44 දෙනෙකු හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඔවුන්ගෙන් කිසිවෙකුට නව Omicron ප්‍රභේදය ආසාදනය වී ඇතිද යන්න තවමත් පැහැදිලි නැත.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් Omicron ආසාදිතයින් 8 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ප්‍රාන්තයේ Omicron ආසාදිතයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇත.
- ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට නම් අනෙක් සියල්ලන්ම මෙන් කොවිඩ් එන්නත් කිරීම පිළිබඳ නීති රීතිවලට ටෙනිස් ශූර Novac Djokovic ද අනුකූල විය යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,232 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 420 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක්ද වාර්තා වේ.
- මේ අතර ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 4 ක් ද වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

