COVID 19 update 20 Dec: NSW ප්‍රාන්තයේ මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ප්‍රාන්ත අගමැති විරුද්ධ වෙයි

2021 දෙසැම්බර් 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Premier Dominic Perrottet

NSW Premier Dominic Perrottet Source: AAP

Highlights

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 2,501 ක් හමුවී ඇති අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැත. එය ඊයේ දිනයේ සටහන්වූ ආසාදිතයින් 2,566 ට සාපේක්ෂව 65 ක අඩුවීමකි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ආරක්ෂිතව විවෘත කළ හැකි බවට තමාට විශ්වාසයක් ඇති බවත්, මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට සිදුකළ ඉල්ලීම්වලට තමන් විරුද්ධ බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසුවේය.
  • නව Omicron කොවිඩ් ප්‍රභේදය ශීග්‍රයෙන් සම්ප්‍රේෂණය වන බැවින් ඊට එරෙහිව හදිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව Westmead රෝහලේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයෙකු වන Dan Suan පවසයි.
  • සඳුදා ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රදේශවලට ප්‍රාන්ත සීමා නැවත විවෘත කිරීමත් සමඟ නිවාස අර්බුදය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව උග්‍ර කළ හැකි බව Northern Territory හි ප්‍රධානතම ඇබොර්ජීනියානු සෞඛ්‍ය කණ්ඩායම පවසයි.
  • ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය 2024/25 වර්ෂය වන විට 1.4% දක්වා ඉහළ යාමට පෙර 2021/22 වර්ෂයේදී 0.3% ක් පමණක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
  • පූර්ව කොවිඩ් වසංගත කාලයේ ඇස්තමේන්තුවලට සාපේක්ෂව වසර 10 කට පසු ඔස්ට්‍රේලියාවේ මුළු ජනගහනය මිලියන 1.5 ක් කුඩා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
  • තම ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් දළ වශයෙන් සෑම පැය 48 කට වරක් දෙගුණ වන අතර ජනවාරි මාසය වන විට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනිය පවසයි.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,302 ක් වාර්තා වන අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවේ.
  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 2,501 ක් හමුවී ඇති අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැත
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 59 ක් ද ACT වෙතින් 13 ක්ද ටස්මෙනියා ප්‍රාන්තයෙන් සහ Northern Territory වෙතින් ආසාදිතයින් තිදෙනා බැගින්ද හමුවී තිබේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now