COVID 19 update 08 September: ඔක්තෝබර් සිට vaccine passport එකක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශ කරයි

2021 සැප්තැම්බර් 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A member of the public scans a QR code to check into a seafood store in Bankstown, Sydney, Wednesday, September 8, 2021. (AAP Image/Bianca De Marchi) NO ARCHIVING

A member of the public scans a QR code to check into a seafood store in Bankstown, Sydney, Wednesday, September 8, 2021. Source: AAP Image/Bianca De March

Highlights

  • NSW ප්‍රාන්තයේ උතුරු මැද වෙරළ තීරයේ අප ජලයේ කොවිඩ් වයිරසයේ කොටස් හමුවී තිබේ.
  • Shepparton වලට හැර සෙසු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපවල කොවිඩ් නීති ලිහිල් කෙරේ.
  • දුරකතනයෙන් තම කොවිඩ් එන්නත ලබාගැනීමට වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස ACT රජය තම 12 වසරේ සිසුන්ගෙන් ඉල්ලයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,220 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 8 ක්ද වාර්තා වේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,480 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 9 ක්ද වාර්තා වූ අතර ඉන් හත් දෙනෙකුම කොවිඩ් එන්නත නොගත් පුද්ගලයින් බව සඳහන්.

Bonny hills ප්‍රදේශයේ අප ජලයේ තිබී කොවිඩ් වයිරසයේ කොටස් හමුවී ඇති අතර Glebe, Waterloo, Redfern, සහ Marrickville යන උප නගර වල ආසාදිතයින්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව අවධාරණය කෙරේ.

එම ප්‍රදේශවල වැසියන් හැකි ඉක්මණින් තම කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස NSW Health ඉල්ලා සිටියි.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැසියන්ගෙන් 75% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති බවත් 45% ක් මාත්‍රා ද්විත්වයම ලබා ඇති බවත් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 221 ක් හමුවී තිබේ.

එයින් ආසාදිතයින් 98 ක් දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවට සොයාගෙන ඇත.

මේ අතර සැප්තැම්බර් 09 වන දින මධ්‍යම රාත්‍රියේ සිට Greater Shepparton හැර සෙසු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපවල lockdown කාලය නිමා කෙරෙන අතර ඕනෑම හේතුවක් උදෙසා නිවසින් බැහැරව යාමට අවසර ලැබේ.

ඉදිරි සතිය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ AstraZeneca මාත්‍රා 10,000 ක් ලබාගැනීමට හැකියාව පවතින බවද සඳහන්.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 20 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් 11 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

සැප්තැම්බර් 17 ට පෙර AIS Arena මහා පරිමාන කොවිඩ් එන්නත්කරණ සායනයෙන් තම කොවිඩ් එන්නත ලබාගැනීමට වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස ACT රජය තම 12 වසරේ සිසුන්ගෙන් ඉල්ලයි.

ඒ සඳහා 02 5124 7700 යන දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ACT රජය දන්වයි.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • ඔස්ට්‍රේලියාවේ දේශසීමා යළි විවෘත කරන්නේ කවදාද යන්න පිළිබඳව පැහැදිලි දැනුම්දීමකින් තොරව ඔක්තෝබර් මාසයේ සිට ජාත්‍යන්තර සංචාර සඳහා vaccine passports හෙවත් කොවිඩ් එන්නත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now