Highlights
- Rapid antigen පරීක්ෂණ කට්ටල සඳහා අධික මිලක් ගන්නා බවට පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි 100 කට වැඩි ප්‍රමාණයක් ලැබීම නිසා ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) විසින් එම සිල්ලර වෙළෙන්දන්ව පොලිසිය වෙත යොමු කර ඇත.
- Rapid antigen පරීක්ෂණ කට්ටලවල තොග මිල ඩොලර් 5 ත් 10 ත් අතර පරාසයක පැවතුනද, ඒවා පාරිභෝගිකයින්ට ඩොලර් 20 සිට ඩොලර් 30 දක්වා මිලකට අලෙවි කරන බව ACCC විසින් අනතුරු ඇඟවීය. ඇතැම් කුඩා අලෙවිසැල් එක් පරීක්ෂණ කට්ටලයක් ඩොලර් 70 කට වඩා ද විකුණනු ලබන බව වාර්තා වී තිබේ.
- COVID-19 අර්බුදය සම්බන්ධයෙන් වැඩි වන පීඩනයට ප්‍රතිචාර වශයෙන් අග්‍රාමාත්‍ය Scott Morrison විසින් aged care සේවකයින්ට ඩොලර් මිලියන 209 ක මුදල් ගෙවීම් ලබා දීමට නියමිතය. නමුත් මහ මැතිවරණයට පෙර ඡන්ද දිනා ගැනීමේ දේශපාලන උපක්‍රමයක් ලෙසට වෘත්තීය සමිති මෙම පියවර විවේචනය කර ඇත.
- වික්ටෝරියානු රජය අඩු පහසුකම් සහිත ළමුන් අතර ප්‍රතිශක්තිකරණ අනුපාතය ඉහළ නැංවීමේ වැඩසටහනක කොටසක් ලෙස ළමා හිතකාමී ස්ථාන කිහිපයක තාවකාලික එන්නත් සායන විවෘත කරනු ඇත. එම ස්ථාන වලට මෙල්බර්න් සත්වෝද්‍යානය සහ මින්මැදුර ඇතුළත් වේ.
- Curl ක්‍රීඩාවේ ඔස්ට්‍රේලියානු ශූරී ටාලි ගිල් COVID-19 ගැටලුවෙන් පසුව තම කණ්ඩායමේ සගයා වන ඩීන් හෙවිට් සමඟ ශීත ඍතු ඔලිම්පික් පුහුණුවීම් නැවත ආරම්භ කරනු ඇත. මෙම යුවළ බීජිං වෙත පැමිණීමෙන් පසු කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසුව සිදුකළ පරීක්ෂණ වලින් ඍණාත්මක ප්‍රතිඵල ලැබී තිබේ.
- හෙටින් ආරම්භ වන 2022 බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට සම්බන්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් අතර පසුගිය දින හතර තුළ කොවිඩ්-19 රෝගීන් 119ක් හඳුනාගෙන ඇත.
- තම දේශසීමා නැවත විවෘත කිරීම සඳහා දින නියම කිරීමට නවසීලන්ත කැබිනට් මණ්ඩලය අද රැස්වේ. දැනට ආපසු පැමිණෙන පුරවැසියන් සීමිත ඉඩ ප්‍රමාණයක් සහිත නිරෝධායන හෝටල්වල දින 10 ක් හුදකලා විය යුතුය.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
- ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 12,818 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 30 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,749 ක් රෝහල්ගත කර ඇති අතර 183 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 11,311 ක් සමග කොවිඩ් මරණ 34 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 851 ක් රෝහල්ගත කර ඇති අතර 106 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 7,588 ක් සමග කොවිඩ් මරණ 10 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 868 ක් රෝහල්ගත කර ඇති අතර 50 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1266 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ. එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 273 ක් රෝහල්ගත කර ඇති අතර 22 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 699 ක් වාර්තා වන අතර 16 දෙනෙකු රෝහල්ගත කර ඇත. එක් පුද්ගලයෙකු පමණක් දැඩි සත්කාර ඒකකයේ සිටී.
ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

