COVID 19 update 06 September: ඔස්ට්‍රේලියාව long COVID තත්ත්වය ආබාධිත තත්ත්වයක් ලෙස සලකා බලන ලකුණු

2022 සැප්තැම්බර් 06 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW CORONAVIRUS COVID19

People at a pop-up COVID vaccination clinic in Sydney's Lakemba suburb. (file) Source: AAP / DAN HIMBRECHTS/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් අවම වශයෙන් කොවිඩ් මරණ 66 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 27 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 08 ක්ද ඊට ඇතුළත් වේ.

long COVID තත්ත්වය ආබාධිත තත්ත්වයක් ලෙස හඳුනා ගැනීම පිළිබඳ ඔස්ට්‍රේලියාවට සලකා බැලිය හැකි බව මධ්‍යම පාර්ලිමේන්තුවේ කම්කරු පක්ෂ මන්ත්‍රී වෛද්‍ය Mike Freelander පැවසීය. ඇමෙරිකාව ඇතුළු ඇතැම් රටවල මෙය සිදු කර ඇත.

වෛද්‍ය Freelander යනු long COVID සහ නැවත සිදුවන කොවිඩ් ආසාදනවල බලපෑම් විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයාය.

ඔස්ට්‍රේලියාවට ශාරීරික හා මානසික සෞඛ්‍ය සහය, නිවාස සහ රැකියා ආධාර සපයන යම් ආකාරයක බහුවිධ long COVID සායනයක් අවශ්‍ය වනු ඇති බව ඔහු ABC ගුවන් විදුලියේ උදෑසන වැඩසටහනට පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

පසුගිය වසර දෙක තුළ ගිලන්රථ එනතුරු සිට සිදුවූ පුද්ගලයින් 33 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පෞද්ගලිකව සමාව අයැද සිටියේය.

කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ හදිසි ඇමතුම් වැඩිවීම මෙම මරණ සඳහා හේතුවූ බවට ඔහු පැවසීය.

කොවිඩ්-19 එන්නතක ප්‍රථම එන්නත පිරිමින්ට වඩා ඵලදායී බව ඔස්ට්‍රේලියානු සහ ජාත්‍යන්තර පර්යේෂකයන් සොයා ගෙන ඇත.

පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට එන්නත් වල ඍණාත්මක අතුරු ආබාධ අත්විඳීම බහුලව සිදුවන බව මෙම පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Cassandra Szoeke පැවසුවාය.

විශේෂයෙන්ම, AstraZeneca සහ Johnson & Johnson එන්නත් ලබා ගත් කාන්තාවන් අතර රුධිර කැටි ගැසීමේ සිදුවීම් බහුලව වාර්තා වූ බවද ඇය පැවසුවාය.

COVID වසංගතය පිළිකා, ඩිමෙන්ශියාව සහ දියවැඩියා මරණ අනුපාතය ඉහළ නංවන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම තාවකාලික මරණ වාර්තාව පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ කොවිඩ් මරණ 75,593ක් වාර්තා වූ අතර එය පෙර වසර පහ තුළ සාමාන්‍යයට වඩා 16.6% කින් වැඩි බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now