නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් XE කොවිඩ් ප්‍රභේදයේ පළමු ආසාදනය ප්‍රථම වරට වාර්තා වේ. BA.1 හා BA.2 යන ප්‍රතිසංයෝජකය මෑතකදී ඔස්ට්‍රේලියාවට පැමිණි විදේශ සංචාරකයෙකු තුළ අනාවරණය විය. 2022 අප්‍රේල් 9 න් අවසන් වන සතිපතා වාර්තාවේ NSW Health මෙය සඳහන් කර තිබේ.
පසුගිය සති හතර තුළ BA.1 හා BA.2 මිශ්‍ර ආසාදන හයක් ද හඳුනාගෙන තිබුණි. නමුත් ඔවුන් XE පෙළපතට අයත් නොවේ. XE පිළිබඳ වැඩි විස්තර මෙතැනින් කියවන්න.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අප්‍රේල් 15 අලුයම 12.01 සිට මුව ආවරණ පැළදීමේ නීති ලිහිල් කර ඇත.
කෙසේ වෙතත්, ආබාධිත සත්කාරක මධ්‍යස්ථාන, residential aged care මධ්‍යස්ථාන, බන්ධනාගාර, correctional facilities හෝ පුහුණු මධ්‍යස්ථාන සහ රජයේ හෝ පෞද්ගලික රෝහල්වල තවමත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
සාමාන්‍ය වැසියන් සෞඛ්‍ය සේවාස්ථාන, ඔසුසැල්, pathology මධ්‍යස්ථාන, මගී ප්‍රවාහන සේවා, ගුවන් තොටුපළ සහ ගුවන් යානා වලදී මුව ආවරණ පැළඳිය යුතුය.
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දැන් නිල වශයෙන් වත්මන් ඔමික්‍රොන් රැල්ල පසුකර ඇති බව ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Andy Robertson පැවසුවේය. ආසාදිතයින් තවදුරටත් අඩු වූ පසු ගෘහස්ථ මුව ආවරණ පැළදීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම ප්‍රාන්ත රජයට සලකා බැලිය හැකි බව ඔහු පර්ත් නුවර ABC ගුවන් විදුලියට පැවසීය.
මිනිත්තු තුනකට අඩු කාලයකදී හුස්ම සාම්පල භාවිතයෙන් කොරෝනා වයිරස් ආසාදනය හඳුනා ගන්නා උපකරණයක් වන InspectIR COVID-19 Breathalyzer සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි භාවිතයට අවසරයක් ලබා දී ඇත.
මේ ආකාරයේ පළමු උපකරණය රැගෙන යා හැකි ගමන් මලුවල ප්‍රමාණයට සමාන වේ. එය වෛද්‍ය ස්ථාන, රෝහල් සහ ජංගම පරීක්ෂණ ස්ථාන වල භාවිත කළ හැකිය.
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

