COVID 19 update 15 April: ඔස්ට්‍රේලියාවේ පළමු XE COVID ආසාදනය වාර්තා වෙයි

2022 අප්‍රේල් 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Queues of people are seen at the Virgin and Jetstar departure terminal at at Sydney Domestic Airport in Sydney, Wednesday, April 13, 2022. (AAP Image/Bianca De Marchi) NO ARCHIVING

Passengers wait at Sydney Airport in New South Wales. (file) Source: AAP Image/Bianca De Marchi

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්  XE කොවිඩ් ප්‍රභේදයේ පළමු ආසාදනය ප්‍රථම වරට වාර්තා වේ. BA.1 හා BA.2 යන ප්‍රතිසංයෝජකය මෑතකදී ඔස්ට්‍රේලියාවට පැමිණි විදේශ සංචාරකයෙකු තුළ අනාවරණය විය. 2022 අප්‍රේල් 9 න් අවසන් වන සතිපතා වාර්තාවේ NSW Health මෙය සඳහන් කර තිබේ.

පසුගිය සති හතර තුළ BA.1 හා BA.2 මිශ්‍ර ආසාදන හයක් ද හඳුනාගෙන තිබුණි. නමුත් ඔවුන් XE පෙළපතට අයත් නොවේ. XE පිළිබඳ වැඩි විස්තර මෙතැනින් කියවන්න.

වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් විසින් අපජල සාම්පලවල තිබී Omicron වයිරසයේ නව උප ප්‍රභේදයක් සොයාගෙන ඇත. BA.4 හෝ BA.5 වන මෙම උප ප්‍රභේදය, Tullamarine ජල පෝෂකයෙන් ලබාගත් අපජල සාම්පල වලින් අනාවරණය වී තිබේ. මෙම උප ප්‍රභේදය මෑතකදී දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බෙල්ජියම, ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවල සුළු සංඛ්‍යාවකින් හමුවී ඇත.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අප්‍රේල් 15 අලුයම 12.01 සිට මුව ආවරණ පැළදීමේ නීති ලිහිල් කර ඇත.

කෙසේ වෙතත්, ආබාධිත සත්කාරක මධ්‍යස්ථාන, residential aged care මධ්‍යස්ථාන, බන්ධනාගාර, correctional facilities හෝ පුහුණු මධ්‍යස්ථාන සහ රජයේ හෝ පෞද්ගලික රෝහල්වල තවමත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

සාමාන්‍ය වැසියන් සෞඛ්‍ය සේවාස්ථාන, ඔසුසැල්, pathology මධ්‍යස්ථාන, මගී ප්‍රවාහන සේවා, ගුවන් තොටුපළ සහ ගුවන් යානා වලදී මුව ආවරණ පැළඳිය යුතුය.

ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සහ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විසින් COVID-19 එන්නත තම දරුවාට සුදුසු දැයි තීරණය කිරීමට දෙමාපියන්ට මෙවලමක් නිර්මාණය කර ඇත. මෙම මෙවලම කොවිඩ් වයිරසය සහ කොවිඩ් එන්නත පිළිබඳ සියලු තොරතුරු සපයයි.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දැන් නිල වශයෙන් වත්මන් ඔමික්‍රොන් රැල්ල පසුකර ඇති බව ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Andy Robertson පැවසුවේය. ආසාදිතයින් තවදුරටත් අඩු වූ පසු ගෘහස්ථ මුව ආවරණ පැළදීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම ප්‍රාන්ත රජයට සලකා බැලිය හැකි බව ඔහු පර්ත් නුවර ABC ගුවන් විදුලියට පැවසීය.

මිනිත්තු තුනකට අඩු කාලයකදී හුස්ම සාම්පල භාවිතයෙන් කොරෝනා වයිරස් ආසාදනය හඳුනා ගන්නා උපකරණයක් වන InspectIR COVID-19 Breathalyzer සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි භාවිතයට අවසරයක් ලබා දී ඇත.

මේ ආකාරයේ පළමු උපකරණය රැගෙන යා හැකි ගමන් මලුවල ප්‍රමාණයට සමාන වේ. එය වෛද්‍ය ස්ථාන, රෝහල් සහ ජංගම පරීක්ෂණ ස්ථාන වල භාවිත කළ හැකිය.

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now