COVID 19 update 26 May: ඔස්ට්‍රේලියාවේ පදිංචි අමතර මිලියන 1.5 කට කොවිඩ් සිව්වන මාත්‍රාව නිර්දේශ කරයි

2022 මැයි 26 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Members of the Indigenous community are seen receiving a Covid-19 vaccine at a pop-up vaccination clinic at the National Centre of Indigenous Excellence in Redfern, Sydney, Saturday, September 4, 2021. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING

Source: AAP

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 69 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 30 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 19 බැගින්ද ඊට ඇතුලත්වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 2 ක්ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) දැන් රෝගී තත්වයක් ඇති වයස අවුරුදු 16-64 අතර පුද්ගලයින් සඳහා සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා මැයි 30 සිට ශීත ඍතු COVID-19 බූස්ටර් මාත්‍රාවක් නිර්දේශ කරයි.

එන්නත් මාත්‍රා තුනක් ලබා ගත් වයස අවුරුදු 16-64 අතර නිරෝගී පුද්ගලයන් සඳහා සිව්වන හෝ ශීත ඍතු බූස්ටර් මාත්‍රාව නිර්දේශ නොකරන බව ද ඔවුන් පවසනවා. වෙනත් අවදානම් සාධක නොමැති සෞඛ්‍ය සේවකයින් සහ ගර්භනී කාන්තාවන් ද ඊට ඇතුළත්.

ඔස්ට්‍රේලියාවේ අතිරේක පදිංචිකරුවන් මිලියන 1.5 ක් මෙම නිර්දේශය හරහා ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ.

වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ට, aged care හෝ disability care මධ්‍යස්ථානවල පදිංචිකරුවන්ට, අඩු ප්‍රතිශක්තිකරණයක් ඇති පුද්ගලයින්ට සහ වයස අවුරුදු 50 හෝ ඊට වැඩි ඇබෝර්ජීනියානු සහ ටොරස් දූපත් වැසියන් ඇතුළු ඉහළ අවදානම් කණ්ඩායම්වල බොහෝ පුද්ගලයින්ට දැනට, සිව්වන මාත්‍රාව ලබා ගත හැකිය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් රෝහල්වලට අනුකූලව රජයේ උණ සායන සහ රෝහල්වල එකවර COVID-19 සහ flu රෝගය පරීක්ෂා කිරීම ආරම්භ කිරීමට නියමිතය. අනෙකුත් ප්‍රාන්ත ද එය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now