SKIP TO MAIN CONTENT

COVID 19 update 28 Feb: බටහිර ඕස්ට්‍රේලියාවේ නිවෙස්වලට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල

2022 පෙබරවාරි 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

코로나19 신속 항원 검사/ RAT Test kit being used.
Source: iStockphoto

3 min read

Published

By Madhura Seneviratne



Skip to article content

Highlights

  • බටහිර ඕස්ට්‍රේලියාව නිවෙස්වලට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල සැපයීමට පියවර ගෙන තිබේ. Rapid antigen පරීක්ෂණ කට්ටල පහ බැගින් ඔවුන්ට හිමිවේ.
  • 13 26843 යන දුරකතන අංකයට කතා කර හෝ online මාර්ගයෙන් ඇණවුම් කර මෙම rapid antigen පරීක්ෂණ කට්ටල ඔවුන්ට නොමිලේ ලබා ගැනීමට හැකිය.
  • එම දුරකතන අංකය ඉංග්‍රීසි හැර වෙනත් භාෂා සඳහා සහය විය හැකි භාෂා පරිවර්තකයන්ට ද ප්‍රවේශය ලබා දෙයි.
  • අද සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉහළ පන්තිවල සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවේ.
  • එමෙන්ම අද සිට නිව් සවුත් වේල්ස් පාසල් වෙත සිසුන්ට ප්‍රවේශ වීම සඳහා සතියකට දෙවරක් සිදුකරගත යුතු කොවිඩ් පරීක්ෂණ නවත්වා දමා තිබේ.
  • සිසුන්ට සහ පාසල් කාර්ය මණ්ඩලයට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල අට බැගින් නිකුත් කර ඇත.
  • අද සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම elective සැත්කම් නැවත ආරම්භ වේ.
  • PCR පරීක්ෂණයක් සිදුකර නිවසේ හුදකලා වීමේදී වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ලබාදෙන $450 දීමනාව ලබා ගැනීමට හැකි අවසාන දිනය හෙට බව (01/03) වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 5,856 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,136 ක් රෝහල්ගත කර ඇති අතර 55 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,852 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 283 ක් රෝහල්ගත කර ඇති අතර 42 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 3,312 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 311 ක් රෝහල්ගත කර ඇති අතර 25 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 734 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 11 ක් රෝහල්ගත කර ඇත.

ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 464 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා වේ. එමෙන්ම ACT  හි මේ වන විට කොවිඩ් රෝගීන් 44 ක් රෝහල්ගත කර ඇත.


 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now