COVID 19 update 11 Feb: ඔස්ට්‍රේලියාවේ aged care සේවකයින්ට බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කෙරේ

2022 පෙබරවාරි 11 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

1 July 2022 changes to Social and Community Services Award

Source: Getty Images

Highlights

  • ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම විසින් "සම්පූර්ණයෙන් එන්නත් කරන ලද" යන වචන වෙනුවට "යාවත්කාලීන" යන වචනය යෙදීමට නිර්දේශ කර ඇත.
  • ඒ අනුව වයස අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට කොවිඩ් එන්නත්කරණයේ "යාවත්කාලීන" ලෙස සැලකීමට බූස්ටර් එන්නත ලබාගැනීමට අවශ්‍ය වේ. එමෙන්ම කොවිඩ් එන්නතේ පළමු මාත්‍රා දෙකින් පසුව වයස අවුරුදු 16 ට අඩු ළමුන් තවමත් කොවිඩ් එන්නත්කරණයේ "යාවත්කාලීන" මට්ටම ලැබූ අය ලෙස සලකනු ලැබේ.
  • මෙම නීතිය තවමත් වලංගු වන්නේ දේශීයව වන නමුත් ජාත්‍යන්තර සංචාරකයින්ට මෙය බල නොපාන බව සඳහන්.
  • එමෙන්ම මෙම මාත්‍රා තුනේ නීතිය මාර්තු මාසයේ අග සිට ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය අපේක්ෂා කරයි.
  • පෙබරවාරි 21 දින ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කළ පසු පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් ලබාගත යුතුව ඇත්තේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකක් පමණි.
  • නව එන්නත් උපදෙස් යටතේ රට පුරා සිටින aged care සේවකයින් සඳහා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අනිවාර්ය වන බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
  • නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත හා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 48 ක් සිදුව තිබේ.
  • NSW සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය Kerry Chant අද දිනයේ පාර්ලිමේන්තුවේ මහජන වගවීමේ කමිටුව ඉදිරියේ පෙනී සිටීම සඳහා අනෙකුත් ජ්‍යෙෂ්ඨ NSW සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය සේවා සංගම් සහ විද්වතුන් සමඟ එක්වනු ඇත.
  • Aged care සහ සෞඛ්‍ය අංශ මුහුණ දෙන මෑත කාලීන අභියෝග හමුවේ NSW ප්‍රාන්තය නැවත විවෘත කිරීම ගැටළුවක් වී තිබේ.
  • pubs, සමාජ ශාලා සහ අවන්හල්වල එළිමහන් ප්‍රදේශ සඳහා පනවා ඇති පාරිභෝගික සීමාවන් ඇතුළුව, දකුණු ඔස්ට්‍රේලියාවේ කොවිඩ් සීමාවන් අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ලිහිල් කෙරේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 8,950 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 19 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,716 ක් රෝහල්ගත කර ඇති අතර 108 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 8,521 ක් සමග කොවිඩ් මරණ 13 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 553 ක් රෝහල්ගත කර ඇති අතර 82 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,977 ක් සමග කොවිඩ් මරණ 14 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 584 ක් රෝහල්ගත කර ඇති අතර 45 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,445 ක් සමග කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 210 ක් රෝහල්ගත කර ඇති අතර 16 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 552 ක් වාර්තා වන අතර 16 දෙනෙකු රෝහල්ගත කර ඇත.

 

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව


 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now