COVID 19 update 29 November: ඔස්ට්‍රේලියාවට Omicron පැමිණීම නිසා ජාතික කැබිනට් මණ්ඩලය රැස්වෙයි

2021 නොවැම්බර් 29 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Travellers look at a flight information notice board at Cape Town International Airport as restrictions on international flights take effect 28 Nov 2021

Travellers look at a flight information notice board at Cape Town International Airport as restrictions on international flights take effect 28 Nov 2021. Source: AAP

Highlights

  • නව Omicron ප්‍රභේදයේ බලපෑම සමාලෝචනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ජාතික ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වනු ඇති අතර ඉන් අනතුරුව ඉදිරි පැය 48 තුළ ජාතික කැබිනට් රැස්වීමක් ද පවත්වනු ඇත.
  • දකුණු අප්‍රිකාවේ සිට සිඩ්නි නුවරට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු හට නව Omicron ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අප්‍රිකාව ආශ්‍රිත  රටවල් නවයක ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අයට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තාවකාලිකව තහනම් කර තිබේ.
  • සංචාරක සීමා කිරීම් පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය පරිදි ක්‍රියා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි. දෙසැම්බර් 01 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට, නිපුණතා සංක්‍රමණිකයින්ට මෙන්ම තාවකාලික වීසා හිමියන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
  • කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා කොවිඩ් බූස්ටර් එන්නත ගත යුතු කාල සීමාව සමාලෝචනය කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියෙන් (ATAGI) ඉල්ලා සිටී. ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් බූස්ටර් එන්නත ලබාගනීමට වයස අවුරුදු 18 ඉක්මවිය යුතු අතර දෙවැනි මාත්‍රාව ලබා අවම වශයෙන් මාස 6 කින් පසුව බූස්ටර් එන්නත ගත යුතුය.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,007 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 150 ක් හමුවී ඇත.
  • මේ අතර ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 7 ක් ද වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now