COVID 19 update 20 August: Greater Sydney හි lockdown කිරීම මාසයකින් දීර්ග වන විට Regional Victoria වලද කොවිඩ් පැතිරෙයි

2021 අගෝස්තු 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Health workers and Police officers are seen at a unit block under lockdown, in Campsie, south west of Sydney, Friday, August 20, 2021. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING

Health workers and Police officers are seen at a unit block under lockdown, in Campsie, south west of Sydney, Friday, August 20, 2021. Source: AAP Image/Dan Himbrechts

Highlights

  • NSW ප්‍රාන්තයේ කොවිඩ් තත්ත්වය බරපතලව ඇති නගර සභා කලාප 12 ට අතිරේක කොවිඩ් නීති.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් සොයා මෙහෙයුමක්.
  • ACT හි නව ආසාදිතයින් 12 ක්.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සිය ප්‍රාන්ත සීමා නීති ලිහිල් කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 644 ක් හමුවී තිබේ.

ඒ අතරින් අවම වශයෙන් ආසාදිතයින් 41 ක් පමණ වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ඊට අමතරව කොවිඩ් මරණ 4 ක් වාර්තා වූ අතර ඒ සියලු දෙනාම කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සිටි අය බව සඳහන්.

NSW ප්‍රාන්තයේ කොවිඩ් තත්ත්වය බරපතලව ඇති නගර සභා කලාප 12 ට අගෝස්තු 23 වන දා සඳුදා අලුයම 12:01 සිට අතිරේක කොවිඩ් නීති පැනවේ.

එහිදී සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පැනවෙන අතර එළිමහනේ දෛනිකව ව්‍යායාම කිරීමට අවසර ලැබෙන කාලය පැයක් දක්වා අඩු කෙරේ.

මේ අතර Greater Sydney කලාපයේ lockdown කිරීම සැප්තැම්බර් 30 දක්වා දීර්ග කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 57 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින්ගෙන් 6 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.

එමෙන්ම අදාළ ආසාදිතයින් 55 දෙනාගෙන් 30 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමග ප්‍රාන්ත බලධාරීන් ඔහුගේ ආශ්‍රිතයින් සොයා මෙහෙයුමක් අරඹා තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගත හැකි ස්ථාන මෙතනින්.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ACT හි නව ආසාදිතයින් 12 ක් වාර්තා වේ.

එයින් එක් ආසාදිතයෙකුට වයිරසය වැළදුණු ආකාරය පිළිබඳ මේ වන විට පරීක්ෂණ පැවැත්වේ.

මේ වන විට ACT හි සක්‍රිය ආසාදිතයින් ගණන 94 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එක් කොවිඩ් ආසාදිතයෙකු පමණක් මේ වන විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබයි.

ACT හි කොවිඩ් ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුවට ස්ථාන 250 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ඇතුළත් කර තිබේ.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.


Northern Territory, දකුණු ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල නවතම කොවිඩ් තොරතුරු

  • Northern Territory සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නොමැත.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය උතුරු සහ ප්‍රාදේශීය ක්වීන්ස්ලන්තයට මෙන්ම Northern Territory හි බොහෝ කලාප වලට සිය ප්‍රාන්ත සීමා නීති ඉවත් කරයි.
alc covid mental health
Source: ALC

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

 


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now