COVID 19 update 28 September: ඔස්ට්‍රේලියාවට ප්‍රමාණවත් කොවිඩ් එන්නත් ලැබී ඇති බව සෞඛ්‍ය ඇමති පවසයි

2022 සැප්තැම්බර් 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AUSTRALIA CORONAVIRUS COVID-19

A shopper is seen wearing a mask in Brisbane. (file) Source: AAP / GLENN HUNT/AAPIMAGE

ඔස්ට්‍රේලියාව ප්‍රමාණවත් තරම් COVID-19 එන්නත් ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

මධ්‍යම රජය Pfizer සහ Moderna සමඟ දැනට පවතින ගිවිසුම් හරහා යාවත්කාලීන එන්නත් ලබා ගැනීමට උත්සාහ කරන බව ඔහු ABC පුවත් වෙත පැවසීය.

"අපි දැනට Novavax, Pfizer සහ Moderna සමග ග්‍රීෂ්ම කාලය තුළ සහ 2023 දක්වා ගිවිසුම් ඇති කර ගෙන තිබෙනවා" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

COVID-19 එන්නත සහ ප්‍රතිකාර මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ලේකම් මහාචාර්ය Jane Halton විසින් කරන ලද ස්වාධීන සමාලෝචනයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Moderna සමඟ පවතින ගිවිසුම වසර අවසානයේදී අවසන් වන බැවින් 2023 සඳහා Moderna එන්නත ලබා ගැනීමේ විකල්පය ඔස්ට්‍රේලියාව විසින් සොයා බැලිය යුතු බව මහාචාර්ය Halton යෝජනා කළාය.

Optus දත්ත කාන්දුවීමෙන් පීඩාවට පත් වූවන් සඳහා Medicare කාඩ්පත් ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳව මධ්‍යම රජය සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍ය Butler පැවසීය.

Optus දත්ත කාන්දුවීම ගැන පසුගිය සතියේ අපට දැනුම් දුන් බවත් අපි විශේෂයෙන් Medicare දත්ත කාන්දු වීම පිළිබඳ සැලකිලිමත් වන බවත් ඔහු පැවසීය.

Pfizer සමාගම අවසානයේ ඩොලර් මිලියන 179 කට ResApp අත්පත් කර ගෙන ඇත.

බ්‍රිස්බේන් හි පිහිටි ResApp සමාගම විසින් කැස්ස ශබ්දවලට සවන් දීමෙන් COVID-19 සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනා ගන්නා smartphone application එකක් නිපදවා ඇත.

ඔස්ට්‍රේලියානුවන් අඩුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවන්සා සහ COVID-19 රෝග ලක්ෂණ අත්විඳින බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත පෙන්නුම් කරයි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now