COVID 19 update 08 July: නව රැල්ල හමුවේ කොවිඩ් නීති හා lockdown කිරීම් සෞඛ්‍ය ඇමති බැහැර කරයි

2022 ජූලි 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Police and Defence Force members on a compliance patrol at Campsie in Sydney, Thursday, August 19, 2021. NSW is racing to vaccinate as many people as quickly as it can as the daily COVID-19 case numbers spiral higher despite nearly eight weeks of lock

Queensland is encouraging older residents and immunosuppressed people to wear face masks until the end of August. (file) Source: AAP Image/Joel Carrett

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 35 ක් වාර්තා වී ඇති අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 13 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 09 ක් ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 07 ක්ද ඊට ඇතුලත්වේ.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත, ටස්මේනියා සහ Australian Capital Territory හි රෝහල්වල සිටින කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තියුනු ලෙස ඉහළ යමින් පවතී.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ඔස්ට්‍රේලියාවේ වර්තමාන නව කොවිඩ් රැල්ල හිස ඔසවමින් තිබුණද මුව ආවරණ අනිවාර්යෙන් පැළදීම, කොවිඩ් නීති හා lockdown කිරීම් යළි බලාත්මක කිරීම අපහසු බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler, ABC පුවත් වෙත පැවසීය.

ඔස්ට්‍රේලියාව මුව ආවරණ පැළදීම අනිවාර්ය කිරීමේ පුළුල් නීති, lockdown කිරීම්  වැනි දේවල්වලින් ඔබ්බට ගොස් ඇති බව ඔහු පැවසීය. ඒ වෙනුවට, තමන්ගේ ආරක්ෂාව සඳහා මුව ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ වගකීම භාරගෙන තමන්ම නිවැරදි දේ කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

CISRO විසින් "නැගී එන සහ භයානක" COVID-19 ප්‍රභේද හඳුනා ගැනීම සඳහා machine-learning toolඑකක් භාවිතා කරමින් වේගවත් ක්‍රමයක් සකස් කර ඇත. මිනිස් සිරුරක් තුළ නව ප්‍රභේදයක් හැසිරෙන්නේ කෙසේද යන්න වඩා හොඳින් පුරෝකථනය කළ හැකි බව පර්යේෂකයන් විශ්වාස කරයි.

Omicron රැල්ලේ දී ස්වදේශීය ඔස්ට්‍රේලියානුවන් සඳහා දරුණු රෝග ඇතිවීමේ ප්‍රතිශතය සමස්ත ඔස්ට්‍රේලියානු ජනගහනය මෙන් 1.4 ගුණයකින් වැඩි බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය (AIHW) සිය මෑත වාර්තාවේ සඳහන් කළේය.

COVID-19 පැතිරීම සීමා කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය සියලුම පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට Rapid Antigen පරීක්ෂණ කට්ටල 15ක් නොමිලේ ලබා දෙනු ඇත.

විශේෂ පාසල්වල සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට අමතර Rapid Antigen පරීක්ෂණ කට්ටල 15ක් ලැබෙනු ඇත.

Rapid Antigen පරීක්ෂණ කට්ටල මිලියන 46.4 ක් ලබා දීමෙන් මුහුණට මුහුණ පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සහතික කිරීමට හැකිවෙනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ක්වීන්ස්ලන්ත වැඩිහිටි පදිංචිකරුවන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් අගෝස්තු මස අවසානය දක්වා මුව ආවරණ පැළඳීමට දිරිමත් කරයි.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service