COVID 19 update 29 June: බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසට සෞඛ්‍ය ඇමති ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලයි

2022 ජුනි 29 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A drive through patient gets vaccinated at the new western health drive through Covid-19 vaccination centre in Melton.

A drive through patient gets vaccinated at the new western health drive through Covid-19 vaccination centre in Melton. Source: AAP Image

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 32 ක් වාර්තා වී ඇති අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 20 ක් ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 11 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 04 ක්ද වාර්තා විය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 11,607 ක් වාර්තා වී ඇති අතර එය මැයි 19 වනදා සිට මේ දක්වා වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වේ.

Australian Capital Territory හි කොවිඩ් ආසාදිතයින් 1,458 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය මාස 4 තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියාව තුළ නව COVID-19 ආසාදන ඉහළ යන බැවින් තමන්ගේ තුන්වන හෝ හතරවන බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය උපදේශවලට අනුව අවම වශයෙන් එන්නත් මාත්‍රා තුනක්වත් නොමැති නම් මිනිසුන් Omicron ප්‍රභේදයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා නොවන බව ඔහු පැවසීය.

තම දරුවන්ට ඉන්ෆ්ලුවන්සා සඳහා ඇති එන්නතද ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය Mark Butler දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉන්ෆ්ලුවන්සා රෝගයට සම්බන්ධ රෝගී තත්ත්වයක් ඇතිව රෝහල් ගත කරන පුද්ගලයින්ගෙන් 60% ක් පමණ වයස අවුරුදු 16 සහ ඊට අඩු ළමුන් බවද ඔහු පැවසීය.

long COVID වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් වයස අවුරුදු 45-54 සහ 55-69 අතර සිටින බව නව අධ්‍යයනයකින් පෙන්නුම් කරයි.

පිරිමින්ට වඩා කාන්තාවන්ට long COVID රෝග ලක්ෂණ ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව Nature Communications හි ප්‍රකාශයට පත් කරන ලද බ්‍රිතාන්‍ය අධ්‍යයනයක් සඳහන් කර ඇත.

දකුණු ඔස්ට්‍රේලියාව ඉදිරි සති දෙක තුළ COVID-19 එන්නත් සායන කිහිපයක් වසා දමනු ඇත. එන්නත් සායනයකට යාමට පෙර SA Health නිල වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන්ට උපදෙස් දී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය විසින් නොමිලේ flu එන්නත් ලබා ගැනීමේ කාලසීමාව ජුනි 30 සිට ජූලි 10 දක්වා දීර්ඝ කර ඇත. ටස්මේනියා ප්‍රාන්ත වැසියන්ට ඔවුන්ගේ flu එන්නත් ජූලි 6 දක්වා නොමිලේ ලබා ගත හැකිය.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now