COVID 19 update 13 July: ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනකට නුදුරේදී කොවිඩ් ආසාදනය විය හැකි බවට රතු එළි

2022 ජූලි 13 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Passengers disembark the Coral Princess cruise ship as it docks at Circular Quay in Sydney, Wednesday.

Passengers disembark the Coral Princess cruise ship as it docks at Circular Quay in Sydney on Wednesday. Source: AAP Image/Bianca De Marchi

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 57 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක් ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 15 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 12 ක්ද ඊට ඇතුලත්වේ.

ඉදිරි සති කිහිපය තුළ ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් හට COVID-19 ආසාදනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler, Channel 7 වෙත පැවසුවේය.

ජනාකීර්ණ ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පළඳින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

3 වාරය තුළ පාසල් lockdown කරන බවට උපදෙස් ලැබී නොමැති බව ද ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය COVID-19 rapid පරීක්ෂණවලට වන සහනදායි ප්‍රවේශ වැඩසටහන 2022 ජූලි මාසයෙන් පසු දීර්ඝ නොකරනු ඇත.

Pensioner Concession කාඩ්පත් හිමියන්ට, Commonwealth Seniors Health Care කාඩ්පත් හිමියන්ට, අඩු ආදායම්ලාභී සෞඛ්‍ය සේවා කාඩ්පත් හිමියන්ට සහ ප්‍රවීණයන්ගේ කටයුතු දෙපාර්තමේන්තුවේ රන්, සුදු හෝ තැඹිලි කාඩ්පත් හිමියන්ට මෙම වැඩසටහන මගින් සෑම මසකම නොමිලේ rapid පරීක්ෂණ කට්ටල පහක් දක්වා පිරිනමයි.

අගමැති Anthony Albanese, Concession කාඩ්පත් හිමියන්ට නොමිලේ ලබාදෙන rapid පරීක්ෂණ කට්ටල ගබඩා කරන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, නව ආසාදන හා රෝහල්ගතවීම් වැඩිවීම මධ්‍යයේ මෙම සහන වැඩසටහන අවසන් නොකරන ලෙස ඖෂධවේදීන් සහ වෛද්‍යවරු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේය.

COVID-19 ට ගොදුරු වූ Coral Princess නෞකාව දිනක් සඳහා සිඩ්නි වරායේ නැංගුරම් ලා ඇත. මෙම යාත්‍රාවේ COVID-19 ධනාත්මක මගීන් සහ කාර්ය මණ්ඩලය 118 ක් සිටී. එම 118 දෙනාගෙන් 114 දෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයින් වේ.

කොවිඩ් පරීක්‍ෂණය සෘණාත්මකව ලැබීමෙන් පසු මගීන්ට නෞකාවෙන් සිඩ්නි නුවරට බැසීමට අවසර දෙන ලදී.

ජුලි 8 වන දින සිය හදිසි කමිටුවේ 12 වන රැස්වීමෙන් පසුව, COVID-19 ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස හෝ වසංගතයක් ලෙස හෝ නොකඩවා පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

දකුණු ඔස්ට්‍රේලියාව West Parklands හි නව තාවකාලික COVID-19 එන්නත් සායනයක් ආරම්භ කර ඇත. මෙම සායනය වයස අවුරුදු පහ සහ ඊට වැඩි පුද්ගලයින්ට Pfizer එන්නත ලබා දෙන අතර වයස අවුරුදු 30 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා දෙයි.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

COVID 19 update 13 July: ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනකට නුදුරේදී කොවිඩ් ආසාදනය විය හැකි බවට රතු එළි | SBS Sinhala