COVID 19 update 14 June: NSW ප්‍රාන්තයේ රෝහල්ගතවන සහ ICU කොවිඩ් රෝගීන් යළි ඉහළට

2022 ජුනි 14 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A general view of Canterbury Hospital in Belmore, Sydney, Tuesday, August 17, 2021. NSW has reached a "disturbingly high" record of new local COVID-19 cases as the government extends support for tenants and landlords affected by lockdowns stretching past

A general view of Canterbury Hospital in Belmore, Sydney. (file) Source: AAP Image/Dan Himbrechts

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 25 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 15 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 06 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 03 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 06 ක් ද වාර්තා විය.

NSW රෝහල්වල COVID-19 සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ජුනි 2 වන දින අවම මට්ටමට පැමිණීමෙන් පසු නැවත ඉහළ ගොස් තිබේ. ජුනි 2 වන දින රෝගීන් 1,066 ට සාපේක්ෂව මේ වන විට NSW රෝහල්වල කොවිඩ් රෝගීන් 1,341 ක් සිටියි.

එසේම, ජුනි 2 සිට ප්‍රාන්තයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වීමේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත.

Australian Capital Territoryහි රෝහල්ගත වූ සංඛ්‍යාව අඟහරුවාදා පෙර පැවති ඉහළම අගය වූ 93 දක්වා ළඟා වී තිබේ. එය කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට වැඩිම රෝහල් ගතවීම් සංඛ්‍යාව ද වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.


ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් COVID-19 ආපදා ගෙවීම් සඳහා වංචනික ලෙස හිමිකම් පෑම සම්බන්ධයෙන් මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකුට චෝදනා ගොනු කර තිබේ.

බටහිර සිඩ්නිහි සිට පැමිණි මෙම යුවළ COVID-19 ආපදා ගෙවීම් ලබා ගැනීමට උපකාර අවශ්‍ය පුද්ගලයින්ට සමාජ මාධ්‍යවල ඔවුන්ගේ සේවාවන් ලබා දුන් වංචනික කණ්ඩායමක කොටසක් බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය චෝදනා කර ඇත.

ඇතැම් අය ඩොලර් 1,000 දක්වා ගෙවා ඔවුන්ගේ හිමිකම් පෑමට පහසුකම් සැලසීම සඳහා 'නියෝජිතයින්' වෙත අනන්‍යතා ලේඛන ලබා දී තිබේ.

ඇතැම් නීත්‍යානුකූල ගෙවීම් ලබන්නන් සඳහා අනුමත ගෙවීම් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වෙනත් බැංකු ගිණුම් වෙත හරවා යවන බවට පැමිණිලි ලැබීමෙන් පසුව ෆෙඩරල් පොලිසිය මෙම විමර්ශනය අරඹා තිබේ.

සුනඛයන්ට කොවිඩ්-19 ආඝ්‍රාණය කිරීම මගින් හඳුනා ගත හැකිද යන්න අවබෝධ කර ගැනීමට දකුණු ඔස්ට්‍රේලියාව නියමු වැඩසටහනක් පවත්වයි.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 14 June: NSW ප්‍රාන්තයේ රෝහල්ගතවන සහ ICU කොවිඩ් රෝගීන් යළි ඉහළට | SBS Sinhala