COVID 19 update 20 June: NSW ප්‍රාන්තයේ රෝහල්ගතවන සහ ICU කොවිඩ් රෝගීන් යළි ඉහළට

2022 ජුනි 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The exterior of St Vincent’s Hospital is seen at Darlinghurst in Sydney, Monday, December 27, 2021.  (AAP Image/Mick Tsikas) NO ARCHIVING

NSW has been seeing a rise in hospitalisation and ICU admissions over the past three weeks. (file) Source: AAP Image/Mick Tsikas

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 11 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලින් කොවිඩ් මරණ 5 බැගින් ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 02 ක් ද වාර්තා විය.

NSW ප්‍රාන්තයේ පසුගිය සති තුන තුළ කොවිඩ් රෝගීන්ගේ රෝහල්ගතවීම් සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම් වැඩිවීමක් දක්නට ලැබේ. අද දිනය වන විට NSW ප්‍රාන්තයේ වාර්තා වූ රෝහල්ගතවීම් සංඛ්‍යාව 1,470ක් වූ අතර එය ජුනි 2 වැනිදා 1,066ක් විය. එම කාලය තුළ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම් 28 සිට 58 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේද රෝහල්ගත වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
මේ වසරේ පෙබරවාරි මාසය වන විට වයස අවුරුදු 18 සහ ඊට වැඩි ඕස්ට්‍රේලියානුවන්ගෙන් අවම වශයෙන් 17% කට COVID-19 වැළඳී ඇති බව නව අධ්‍යයනයකින් පෙනී යයි.

COVID-19 ආසාදිත පුද්ගලයින්ගේ අනුපාතය බලධාරීන්ට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණ බව ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සහ නිරීක්ෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (NCIRS) සහ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේය.

වික්ටෝරියා ප්‍රාන්තය ජුනි 24 වනදා සිකුරාදා රාත්‍රී 11.59 සිට වර්තමාන COVID-19 සීමාවන් ලිහිල් කරනු ඇත.

කොවිඩ් ආසාදිතයින් තවමත් දින හතක් හුදකලා වීමට අවශ්‍ය වන නමුත් නිවසේ සාමාජිකයෙකු තම වාහනයෙන් බැහැරව නොගොස් සෘජුවම අධ්‍යාපන ස්ථානයට හෝ රැකියාවට කෙලින්ම ගෙනයාමට හෝ ඒමට නිවසින් පිටවිය හැක.

ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර හෝ COVID-19 පරීක්ෂණයක් හෝ හදිසි අවස්ථාවකදී ලබා ගැනීමට නිවසින් පිටව යා හැක.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුවන් තොටුපල පර්යන්තවල සංචාරකයින් තවදුරටත් මුව ආවරණ පැළඳීමට අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, පොදු ප්‍රවාහනය, කුලී රථ, ගුවන් යානා සහ රෝහල් සහ Aged Care පහසුකම් වැනි ස්ථානවලදී තවමත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

අධ්‍යාපනය, ආහාර බෙදා හැරීම, මස්, මුහුදු ආහාර සැකසීම සහ නිරෝධායන නවාතැන් යන අංශවල සේවකයින්ට තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබා ගැනීම තවදුරටත් අනිවාර්ය නොවේ.

කෙසේ වෙතත්, අවදානමට ලක්විය හැකි පුද්ගලයෙකු සමඟ අන්තර් ක්‍රියා කරන සේවකයින් COVID-19 එන්නත් මාත්‍රා තුනක් ගත යුතුය. Residential aged care සහ disability care, සෞඛ්‍ය සේවා, custodial සහ emergency සේවා සහ පොලිසිය යන සේවා අංශ ඒ සඳහා ඇතුළත් වේ.

Residential aged care සහ disability care සඳහා පනවා ඇති අමුත්තන්ගේ සීමාවන් ඉවත් කරනු ලැබේ. එදින පැමිණෙන අමුත්තන්ට RAT පරීක්ෂණය සෘණාත්මකව තිබේ නම්, මෙම ස්ථානවල පදිංචිකරුවන්ට ඕනෑම පිරිසක් හමුවිය හැකිය.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service