COVID 19 update 06 Jan: NSW හා වික්ටෝරියාවල කොවිඩ් රෝගීන් රෝහල්ගතවීමේ විශාල වැඩිවීමක්

2022 ජනවාරි 06 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A file photo of ICU staff caring for COVID-19 positive Tuesday, 13 July, 2021.

Source: AAP

Highlights

  • ඊයේ (05/01) ජාතික කැබිනට් මණ්ඩලය විසින් හඳුන්වා දුන් වෙනස්කම් යටතේ rapid antigen පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගන්නා පුද්ගලයින්ට කොවිඩ් ආසාදනය තහවුරු කිරීම සඳහා PCR පරීක්ෂණයක් කිරීම අවශ්‍ය නොවේ.
  • නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම්වල තවත් විශාල වැඩිවීමක් සිදුව තිබේ.
  • ඊයේ රාත්‍රී 8 වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 1,609 ක් රෝහල් ගතකර ඇති අතර ඊට පැය 24 කට පෙර එම අගය සටහන් වූයේ 1,491 ක් ලෙසිනි. කොවිඩ් රෝගීන් 131 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකවල සිටින බවද සඳහන්.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 631 ක් රෝහල් ගතකර ඇති අතර ඊට පැය 24 කට පෙර එම අගය සටහන් වූයේ 591 ක් ලෙසිනි. කොවිඩ් රෝගීන් 100 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකවල සිටින බවද සඳහන්.
  • ක්වීන්ස්ලන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 284 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එය ඊට පෙර දිනයේදී 265 කි. කොවිඩ් රෝගීන් 12 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකවල සිටින බවද සඳහන්.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථාන සහ උත්සව සඳහා Density limits හෙවත් උපරිම පුද්ගල සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් හඳුන්වා දී තිබේ. එමෙන්ම rapid antigen පරීක්ෂණයකින් ධනාත්මක බව තහවුරු වූ විට ඒ බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන් දැනුම් දිය යුතුය.
  • සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලද 20 වන වියෙහි පසුවූ විශේෂ රෝගාබාධ නොමැති පුද්ගලයෙකු COVID-19 හේතුවෙන් රෝහලේදී මියගොස් ඇති බව NSW Health අනාවරණය කළේය.
  • වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සමඟ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට ජනවාරි 7 වනදා අලුයම 4 සිට ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයකින් තොරව රට තුළට ඇතුළු වීමට අවසර දෙන බව එංගලන්තය නිවේදනය කරයි.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 34,994 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 21,997 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 10,332 ක් වාර්තා වන එක් කොවිඩ් මරණයක් වාර්තා විය.
  • මේ අතර ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 751 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


 

 


 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now