COVID 19 update 30 June: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් මිලදී ගැනීම ගැන සමාලෝචනයක් කිරීමට නියෝග

2022 ජුනි 30 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A supplied image of ICU staff at St Vincents Hospital caring for a COVID-19 positive patient in the ICU of St Vincents Hospital in Sydney.

Source: AAP Image

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 53 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 23 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 17 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 10 ක්ද ඊට ඇතුලත්වේ.

එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 07 ක්ද වාර්තා වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල්ගතවන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම නොකඩවා දක්නට ලැබෙන අතර මේ වන විට 642 දෙනෙකු රෝහල්ගතව සිටී. එය පසුගිය මාස තුන තුළ ක්වීන්ස්ලන්ත රෝහල්වල සිටින වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ද වේ.

රෝහල් ගත කරන ලද කොවිඩ් රෝගීන්ගේ වාර්තාව Australian Capital Territory විසින් නැවත වරක් බිඳ දමා තිබේ. මේ වන විට කොවිඩ් රෝගීන්  122 දෙනෙකු ACT හි රෝහල්ගතව සිටී.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler විසින් "යම් හදිසි අවශ්‍යතාවයක්" ලෙස පසුගිය ලිබරල් සන්ධාන රජය විසින් COVID-19 එන්නත් මිලදී ගැනීම පිළිබඳ සමාලෝචනයක් නිවේදනය කළේය.

වත්මන් කොන්ත්‍රාත්තු සහ පවතින තොග පිළිබඳ සති කිහිපයකින් සමාලෝචනය කිරීමට තමා කැමති බව ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය (TGA) විශේෂයෙන් Omicron හි උප ප්‍රභේද ඉලක්ක කරන එන්නත් සඳහා වන අයදුම්පත් සමාලෝචනය කරමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සඳහන් කළේය.

වයස අවුරුදු 5 ට අඩු ළමුන් සඳහා වන එන්නත සමාලෝචනය සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔවුන් Pfizer වෙත අවසර දුන් බවද ඔහු සඳහන් කළේය. දැනට, TGA විසින් Moderna වෙතින් ලැබුණු ඊට සමාන අයදුම්පතක් සමාලෝචනය කරමින් සිටී

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් නොමිලේ flu එන්නත් ලබා ගැනීමේ කාලසීමාව ජුනි 30 සිට ජූලි 17 දක්වා දීර්ඝ කර ඇත. ප්‍රාන්තයේ Flu එන්නත ලබා ඇත්තේ වයස අවුරුදු පහට අඩු ළමුන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් බව දත්ත පෙන්වා දෙයි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන්ට ද ජූලි 31 තෙක් නොමිලේ flu එන්නත් ලබා ගැනීම දීර්ග කර තිබේ.

දකුණු ඔස්ට්‍රේලියාව ජූලි 1 වන දින Munno Para හි එන්නත් සායනය සහ ජූලි 2 වෙනිදා Adelaide Myer Center, Kilkenny සහ Enfield එන්නත් සායන වසා දමයි. කොවිඩ් එන්නත් තවමත් පවුලේ වෛද්‍යවරුන්, ඔසුසැල් හෝ වෙනත් SA Health එන්නත් සායනවලින් ලබාගත හැකිය.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now