COVID 19 update 26 Jan: ඔස්ට්‍රේලියා දිනය නිසා ඉදිරියේදී ආසාදිතයින් වැඩි වන බවට අනතුරු ඇඟවීම්

2022 ජනවාරි 26 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A paramedic moving equipment outside St. Vincent's Hospital in Melbourne,

A paramedic moving equipment outside St. Vincent's Hospital in Melbourne. Source: AAP

Highlights

  • ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත සහ ටස්මේනියා යන ප්‍රාන්ත හතරේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන COVID-19 රෝගීන් සංඛ්‍යාව පහත වැටී ඇත.
  • ඉහත ප්‍රාන්තවලින් තුනකම රෝහල් ගත කරන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද පහත වැටී තිබේ.
  • මේ අතර ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 87 ක් වාර්තා විය.
  • අදට යෙදී ඇති රජයේ නිවාඩු දිනය ඉදිරි දින සහ සතිවලදී කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමට හේතු විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
  • කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාර්තා වූ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 1 ඉක්මවීමත් සමඟ NSW ප්‍රාන්තය කොවිඩ් වසංගතයේ දරුණු සන්ධිස්ථානයකට පැමිණ තිබේ. එම සංඛ්‍යාවෙන් අඩකට වඩා පසුගිය දින 15 තුළ වාර්තා වී ඇත.
  • COVID අවදානම හේතුවෙන් ඉදිරි සතිවලදී සෙනඟ අතර ගැවසීමෙන් වළකින ලෙස ක්වීන්ස්ලන්ත රජය වියපත් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා ඇත.
  • තවමත් අදාළ සීමාවට පැමිණ නොමැති තරඟ සඳහා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ගෙන තරග නැරඹිය හැකි ධාරිතාව 50% සිට 65% දක්වා වැඩි කිරීමට ඉඩ දෙනු ඇත.
  • බ්‍රිතාන්‍ය සංගීතඥ Elton John හට COVID-19 ආසාදනය වී ඇති අතර එක්සත් ජනපදයේ ප්‍රසංග දෙකක් කල් දමා ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 21,030 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 29 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,794 ක් රෝහල්ගත කර ඇති අතර 175 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 13,507 ක් සමග කොවිඩ් මරණ 35 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,089 ක් රෝහල්ගත කර ඇති අතර 113 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 13,551 ක් ද කොවිඩ් මරණ 9 ක් ද වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 889 ක් රෝහල්ගත කර ඇති අතර 47 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 712 ක් ද එක් කොවිඩ් මරණයක් ද වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 28 ක් රෝහල්ගත කර ඇත.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන් 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now