COVID 19 update 27 Jan: ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක කොවිඩ් රෝගීන්ගේ ICU ඇතුළත් කිරීම් වැඩි වේ

2022 ජනවාරි 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Principal Glenn Butler takes delivery of Rapid Antigen Tests (COVID 19 Self Tests) at Mount View Primary School in Glen Waverley, Melbourne.

Principal Glenn Butler takes delivery of Rapid Antigen Tests (COVID 19 Self Tests) at Mount View Primary School in Glen Waverley, Melbourne. Source: AAP

Highlights

  • NSW, ක්වීන්ස්ලන්ත සහ වික්ටෝරියා ප්‍රාන්තවල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
  • නැවත පාසල් විවෘත කිරීම, කොවිඩ් එන්නත් නිකුත් කිරීම සහ භාණ්ඩ සැපයුම් දාම ගැටළු අද (27/01) ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
  • වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන්ගෙන් 33.4% ක් පමණක් මේ වන විට අවම වශයෙන් COVID එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත.
  • එන්නත් ගැනීමට කලින් වෙන්කරගත් වේලාවන් භාවිත නොකරන නිසා තමන්ගේ බූස්ටර් එන්නත ඉක්මණින් ලබාගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීහු ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලති.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණයට තුන්වන මාත්‍රාවද (බූස්ටර් එන්නත) අනිවාර්ය කළ හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ජාතික කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.
  • මේ අතර ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් වාර්තා විය.
  • නාවුක කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු HMAS ඇඩිලේඩ් නෞකාවේ ටොංගා වෙත ඕස්ට්‍රේලියානු ආධාර ‘contactless delivery’ අයුරින් බෙදා හැර ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 17,316 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 29 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,722 ක් රෝහල්ගත කර ඇති අතර 181 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 13,755 ක් සමග කොවිඩ් මරණ 15 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,057 ක් රෝහල්ගත කර ඇති අතර 117 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 11,600 ක් ද කොවිඩ් මරණ 15 ක් ද වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 829 ක් රෝහල්ගත කර ඇති අතර 48 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 1,953 ක් වාර්තා වේ. එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 288 ක් රෝහල්ගත කර ඇති අතර 27 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ACTහි මේ වන විට කොවිඩ් රෝගීන් 73 ක් රෝහල්ගත කර ඇති අතර 5 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන් 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now