COVID 19 update 16 September: අද පස්වරු 6 සිට NSW ප්‍රාන්තයේ Lismore සහ Albury නගර සතියකට lockdown

2021 සැප්තැම්බර් 16 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Albury

The regional LGAs of Lismore and Albury will go into a seven-day lockdown from 6pm tonight, 16 September 2021. Source: AAP Image/Lukas Coch

Highlights

  • NSW ප්‍රාදේශීය කලාපයේ නගර සභා 12 ක lockdown ඉවතට.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කොවිඩ් නීති ලිහිල් කෙරේ.
  • ACT තම COVID-19 ආධාරක මුදල් ප්‍රදානයන් පුළුල් කරයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,351ක් හමුවී තිබේ.

ඊට අමතරව කොරෝනා මරණ 12 ක් ද වාර්තා වූ අතර ඉන් දස දෙනෙකුම කොවිඩ් එන්නත ලබා නොසිටි බව සඳහන්.

කොවිඩ් ආසදිතයින්ගේ ඉහළ යාම හේතුවෙන් අද පස්වරු 6 සිට Lismore සහ Albury නගර දින 7 කට lockdown කෙරේ.

තවද අද පස්වරු 1 සිට Bega Valley, Blayney, Bogan, Cabonne, Dungog, Forbes, Muswellbrook, Narrabri, Parkes, Singleton Snowy Monaro සහ Upper Hunter Shire ප්‍රදේශවල lockdown කිරීම අවසන් කෙරුණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 514 ක් හමුවී තිබෙන අතර ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 4,370 දක්වා ඉහළ ගොස් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 70% මට්ටමට අද ළඟා වූ නිසා මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවල ඇතැම් කොවිඩ් නීති සැප්තැම්බර් 17 සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ.

Modest easing of Victoria's COVID lockdown rules to kick in from Friday night
Source: SBS

ඒ අනුව කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති පුද්ගලයින්ට එළිමහනේ උපරිම පුද්ගලයින් පස් දෙනෙකු දක්වා රැස්විය හැකිය.

ඊට අමතරව කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට සහ එන්නත ලබා නොමැති පුද්ගලයින්ට එළිමහනේ උපරිම පුද්ගලයින් දෙදෙනෙකු දක්වා රැස්විය හැකිය.

එමෙන්ම සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට නිවසේ සිට යා හැකි දුර ප්‍රමාණය කිලෝ මීටර් 5 සිට 10 දක්වා දීර්ග කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 15 ක් වාර්තා වී තිබෙන අතර ඉන් 8 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ACT රජය විසින් COVID-19 Business Support Grants හෙවත් COVID-19 ව්‍යාපාර ආධාරක මුල්‍ය ප්‍රදාන පුළුල් කර තිබේ.

සංචාරක, නවාතැන් සැපයීම්, කලා, Events සහ Hospitality වැනි ක්ෂේත්‍ර සඳහා අතිරේක මුදල් ප්‍රදානය කිරීම සඳහා ඔවුහු එකඟ වූහ.

එම දීමනා සඳහා අයදුම් කරන අයුරු පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.

Northern Territory

එළඹෙන නොවැම්බර් මුල වන විට තම වැසියන්ගෙන් 80% කට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා දීමට Northern Territory රජය අපේක්ෂා කරයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now