COVID 19 update 23 September: වික්ටෝරියා ඉතිහාසයේ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් අද වාර්තා වෙයි

2021 සැප්තැම්බර් 23 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Protesters are seen at a demonstration against mandatory Covid-19 vaccinations and a two week shutdown of the construction industry at the Shrine of Remembrance in Melbourne, Wednesday, September 22, 2021.  (AAP Image/James Ross) NO ARCHIVING

Protesters are seen at a demonstration against mandatory vaccinations and the construction industry shutdown in Melbourne, Source: AAP/James Ross

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපයේ Grafton හි වැසියන්ට කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස දන්වයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සක්‍රිය කොවිඩ් ආසාදිතයින් ගණන 6,600 ඉක්මවයි.
  • ACT සිය lockdown කාලයේ 7 වන සතියට එළඹෙයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,063 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 6 ක්ද වාර්තා වේ.

මේ අතර Orange සහ Glen Innes නගර සභා කලාපවල lockdown කාලය අදින් අවසන් කෙරෙන නමුත් Narromine හි lockdown කාලය සැප්තැම්බර් 25 වනදා අවසන් වේ.

තවද ආසාදිතයින් නොමැති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපයේ Grafton හි අපජලයේ තිබී කොවිඩ් වයිරසයේ කොටස් හමුවී ඇති බැවින් එම ප්‍රදේශයේ වැසියන්ට කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙස දන්වයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 766 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 4 ක් සිදුවී තිබේ.

කොවිඩ් වසංගතය ආරම්භ වූ දිනයේ පටන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තාවූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව මෙය ලෙසද සටහන් වේ.

ඔක්තෝබර් 18 ට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන් සහ childcare සේවකයින් අවම වශයෙන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ ලබාගත යුතුව ඇති අතර නොවැම්බර් 29 වන විට මාත්‍රා දෙකම ලබාගත යුතුවේ. එසේ නැතිනම් එන්නත ලබා නොගැනීමට ඔවුන්ට වෛද්‍ය අවසරයක් තිබිය යුතුය.

සිඩ්නි නුවර සිටින කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට සැප්තැම්බර් 30 වන දින සිට ආපසු තම නිවෙස් බලා ඒමට හැකි වේ.

ඒ සඳහා වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට පැය 72 කට පෙර සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් ඍණාත්මක ප්‍රතිඵල තිබිය යුතු අතර පැමිණ දින 14 ක් නිරෝධායනය විය යුතුවේ.

එය නිවසේදීම සිදු කළ හැකිය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 16 ක් වාර්තා වී තිබෙන අතර ඒ සමගම ACT හි සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළ නැග තිබේ.

මේ අතර අද පටන් ACT හි වයස අවුරුදු 12 ත් 59 ත් අතරේ පසුවන පුද්ගලයින්ට ඖෂධාගර වලින් Moderna එන්නත ලබාගත හැකිය.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු

අනිවාර්ය හෝටල් නිරෝධායනයකින් තොරව එළඹෙන නත්තල් කාලය වන විට  ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියාව විවෘත කිරීමට vaccine passports ඇතුළුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සිය ක්‍රමවේදයන් සූදානම් කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක අමාත්‍ය Dan Tehan පවසයි.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service