Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Cowra නගරය අද පස්වරු 5 සිට lockdown කෙරේ.
- වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් ලබාගැනීමට දහස් ගණනින් අවස්ථාවන්.
- ACT හි වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට Pfizer එන්නත ගැනීමට දැන් වේලාව වෙන්කරවාගත හැකිය.
- NT හි එක් සංචාරකයෙක් කොවිඩ් වයිරසයට ධනාත්මක බව හෙළිවෙයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 935 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.
මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු ජනගනයෙන් 52.7% ක් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Cowra නගරයේ නව හැවිරිදි පිරිමි දරුවෙකු කොව්ඩ් වයිරසයට ධනාත්මක බව තහවුරු වීමෙන් ඔහු ආ ගිය තැන ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
තවද Cowra නගරය අද පස්වරු 5 සිට lockdown කෙරෙන අතර සැප්තැම්බර් 13 සිට Cowra හි සිටි යම් අයෙකු සිටීනම් ඔවුන් සෑම දෙනාම stay-at-home නීතියට අනුව සිටිය යුතුවේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර කලාපයේ Dareton හි අපජල පවිත්‍රාගාරයේදී කොවිඩ් වයිරසයේ කොටස් සොයාගෙන ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 567 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
මේ අතර AstraZeneca මාත්‍රාවන් 4,800 ක් සහ Pfizer මාත්‍රාවන් 2,000 කට අධික සංඛ්‍යාවක් ලබාගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට මේ වන විට අවස්ථාව ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
ඔක්තෝබර් මාසයේදී Pfizer එන්නත ඔස්ට්‍රේලියාවට ලබා ගැනීම පිළිබඳ ජාතික කැබිනට් මණ්ඩලය සිදුකළ අනතුරු ඇඟවීම හේතුවෙන් Pfizer එන්නත එනතෙක් තවත් බලා නොසිටින ලෙස ද ඔහු උපදෙස් දෙයි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 7 ක් වාර්තා වේ.
මේ අතර මේ වනවිට ACT හි කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසු ජනගනයෙන් 55% ක් පමණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව ACT හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසීය.
තවද ACT හි වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට Pfizer එන්නත ගැනීමට අද පටන් වේලාව වෙන්කරවාගත හැකිය.
ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
Northern Territory
බ්‍රිස්බේන් ගුවන් තොටුපල හරහා පැමිණි Northern Territory සංචාරකයෙක් කොවිඩ් වයිරසයට ධනාත්මක බව හෙළිවෙයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

