COVID 19 update 12 August: Omicron රැල්ලේදී ළමුන් අතර ආසාදන ක්‍රමිකව ඉහළ ගිය බව හෙළිවෙයි

2022 අගෝස්තු 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

QUEENSLAND SCHOOLS RETURN

Children under five represent 2.47 per cent, and those aged 5-14 represent 10.44 per cent of the total global COVID-19 cases. (file) Source: AAP / RUSSELL FREEMAN/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 86 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 35 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 18 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 14 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
Medicare කාඩ්පතක් නොමැති පුද්ගලයින්ට ප්‍රතිවෛරස් COVID-19 පෙති ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය. කෙසේ වෙතත්, ඔවුන් Medicare කාඩ්පතක් ඇති හෝ නැති පුද්ගලයින්ට නොමිලේ සේවා සපයන සායන සම්බන්ධ කර ගත යුතුය.

ඔස්ට්‍රේලියාව තුළ ලබා දුන් Pfizer එන්නත් මාත්‍රා මිලියන 43.4කින් පමණ මයෝකාඩයිටිස් පිළිබඳ පැමිණිලි 665ක් ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය වෙත ලැබී ඇත.

අගෝස්තු 7 වන විට Moderna එන්නත් මාත්‍රා මිලියන 5.2 කින් මයෝකාඩයිටිස් පිළිබඳ පැමිණිලි 104 ක් ද වාර්තා කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ළමුන් සඳහා COVID-19 එන්නත් කිරීම පිළිබඳ සිය නවතම වාර්තාවේ, ආරම්භක වසංගත අවධියට සාපේක්ෂව Omicron රැල්ලේදී ළමුන් අතර COVID-19 ආසාදන ක්‍රමිකව ඉහළ ගිය බව සඳහන් කළේය.

මහජනතාව, සෞඛ්‍ය සහ සමාජීය ක්‍රියාමාර්ග ලිහිල් කිරීම මෙම වැඩිවීමට හේතු විය.

වයස අවුරුදු පහට අඩු ළමුන් 2.47% ක් නියෝජනය කරන අතර වයස අවුරුදු 5-14 අතර අය සමස්ත ගෝලීය COVID-19 රෝගීන්ගෙන් 10.44% ක් නියෝජනය කරයි.

මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා mRNA එන්නත් අත්හදා බැලීමේ තුන්වන අදියරේදී ආරක්ෂාව සම්බන්ධ කිසිදු ගැටළුවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. නමුත් දුර්ලභ සිදුවීම් හඳුනාගැනීමට නොහැකි තරම් නියැදි ප්‍රමාණය කුඩා බව එහි සඳහන් විය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service