SKIP TO MAIN CONTENT

COVID 19 update 13 Dec: ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් එන්නත ලබා ගැනීමට ඇති කාලපරතරය අඩු කෙරේ

2021 දෙසැම්බර් 13 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Image for reference only.
Source: AP

2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

  • සුදුසුකම් ලත් වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා දෙසැම්බර් 15 වන දින යළි විවෘත කිරීමට හැකිවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt අද තහවුරු කළේය.
  • මාස 5 කට පසුව නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා අද විවෘත කෙරිණි.
  • කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා බූස්ටර් එන්නත ගැනීමට අදාළ කාල පරතරය මාස හයේ සිට පහ දක්වා අඩු කිරීමට ගත් තීරණයකින් පසුව තවත් මිලියන 1.5 ක් ඔස්ට්‍රේලියානුවන් කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇත. Pfizer එන්නතට අමතරව Moderna එන්නතද ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලෙස ලබා ගැනීමට ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම අනුමත කරයි.
  • Omicron කොවිඩ් ප්‍රභේදයේ මතුවීම නිසා කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීම වඩාත් වැදගත් බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ලේකම් මහාචාර්ය Brendan Murphy පැවසීය.
  • Newcastle හි Argyle House රාත්‍රී සමාජ ශාලාව ආශ්‍රිතව හටගෙන ඇති කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 84 දක්වා වර්ධනය වී ඇති අතර පුද්ගලයින් 700 ක් පමණ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස නම් කර තිබේ. එම ආසාදිතයින්ගෙන් ඇතැම් දෙනා හට Omicron කොවිඩ් ප්‍රභේදය වැළදී ඇති බව පෙනී යයි.
  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් Omicron ආසාදිතයින් 9 දෙනෙකු හමුවී තිබේ.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,290 ක් සමග කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 536 ක් හමුවී තිබේ.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් ආසදිතයෙක්ද වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now