COVID 19 update 07 Feb: ප්‍රාන්ත රැසක තෝරාගත් සැත්කම් යලි ඇරඹෙද්දී, RAT පරීක්ෂණ සඳහා රජයෙන් බදු සහන

2022 පෙබරවාරි 07 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australian Treasurer Josh Frydenberg at Parliament House in Canberra, Thursday, December 16, 2021.

Australian Treasurer Josh Frydenberg at Parliament House in Canberra, Thursday, December 16, 2021. Source: AAP

  • ඔස්ට්‍රේලියාවේ දේශසීමා පෙබරවාරි 21 වැනිදා සිට ජාත්‍යන්තර සංචාරකයින් සඳහා යළි විවෘත කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වසර දෙකක පමණ කාලයකට පසු සම්පුර්ණයෙන්ම කොවිඩ් එන්නත් ලබා ගත් ජාත්‍යන්තර සංචාරකයින්ට මේ අනුව ඉක්මනින්ම ඕස්ට්‍රේලියාවට පැමිණීමට හැකි වනු ඇත.
  • ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් හට COVID-19 පරීක්ෂණ වියදම්, බදු අඩු කිරීම සඳහා පෙන්වීමට හැකි වනු ඇති බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg පවසයි. මෙය 2021 වසරේ ජුලි 01 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර මෙම දිනයෙන් පසු පුද්ගලයින් සිදු කල RAT සහ PCR පරීක්ෂණ සඳහා හිමිකම් පෑමට හැකියාව හිමි වේ.
  • අද සිට ක්‍රියාත්මක වන පරිදි ඇතැම් ප්‍රාන්ත වල තෝරාගත් සැත්කම් නැවත ආරම්භ වේ. වික්ටෝරිය ප්‍රාන්තයේ පෞද්ගලික රෝහල් සහ දිවා මධ්‍යස්ථාන වල මෙලෙස තෝරාගත් සැත්කම් 50% ධාරිතාවයකින් ආරම්භ වන අතර NSW ප්‍රාන්තයේ ඇතැම් රෝගීන් හට ඇතැම් පෞද්ගලික සහ රජයේ රෝහල් මගින් ප්‍රතිකාර කිරීම සිදු වේ.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන් හට ඇතැම් ස්ථාන වලදී check-in app එක භාවිත කිරීමට අවශ්‍ය නොවේ. නමුත් බොහෝ ස්ථාන සඳහා ද්විත්ව එන්නත් ලබාගත් බවට වන සහතිකය අවශ්‍ය වේ. ප්‍රාන්තය පසුගිය සතියේදී Omicron ප්‍රභේදයේ උච්චතම අවස්ථාවට පැමිණි බව NSW ප්‍රාන්ත රජය පවසයි.
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ check-in වීමේ අවශ්‍යතා සඳහා වන වෙනස්කම් නිවේදනය කොට තිබේ. සිකුරාදා රාත්‍රී 11.59 සිට ඇතැම් ස්ථානවලට තවදුරටත් අනිවාර්ය QR කේත පරීක්ෂා කිරීම් අවශ්‍ය නොව.
  • පසුගිය වසරේ lockdown අතරතුර NSW ප්‍රාන්තයේ නිවෙස් අධ්‍යාපනය ලැබූ දරුවන් සිටින දෙමාපියන් හට රජයේ සහනාධාර සහිත නිවාඩු ගත කිරීමට සුදුසුකම් ලබන බව ප්‍රාන්ත අගමැතිවරයා පවසයි. මේ අනුව $50 වවුචර 5ක් සුදුසුකම් ලත් සෑම නිවසකින්ම එක් පුද්ගලයෙකුට ලැබෙන අතර ඒවා ඔක්තෝබර් මස මුල දක්වා ප්‍රාන්තය තුල නවාතැන් හෝ විනෝදාස්වාද සඳහා යොදාගත හැක.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සති දෙකක ප්‍රමාදයකින් අනතුරුව ප්‍රාන්තය තුල පාසල් යලි ආරම්භ කිරීම අද සිදු කළේය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අලුතින් කොවිඩ් ආසාදිතයින් 7,437 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 14 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2099 ක් රෝහල්ගත කර ඇති අතර 137 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 8,275 ක් සමග කොවිඩ් මරණ 07 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 638 ක් රෝහල්ගත කර ඇති අතර 72 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 4,701 ක් සමග කොවිඩ් මරණ 19 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 663 ක් රෝහල්ගත කර ඇති අතර 43 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 443 ක් වාර්තා වන අතර 15 දෙනෙකු රෝහල්ගත කර ඇත.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


COVID 19 වසංගතයට සම්බන්ද දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා, මෙතැනට පිවිසෙන්න.


 

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now