COVID 19 update 24 Nov: ප්‍රාන්ත අතර යනවිට රජයේ කොවිඩ් පරීක්ෂණ සඳහා ගෙවීමට අනවශ්‍ය බව දන්වයි

2021 නොවැම්බර් 24 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A woman waits to receive a COVID-19 test in the eastern suburbs of Sydney Tuesday, Sept. 14, 2021.

A woman waits to receive a COVID-19 test in the eastern suburbs of Sydney Tuesday, Sept. 14, 2021. Source: AAP

Highlights

  • රජයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් කොවිඩ් පරීක්ෂණ සිදුකරගන්නා දේශීය සංචාරකයින්ට ඒ සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය නැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt තහවුරු කළේය. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය වෙත යාමේදී සිදුකරගත යුතු කොවිඩ් පරීක්ෂණ සඳහා ෆෙඩරල් හෝ ප්‍රාන්ත මට්ටමින් ගෙවනු ලබන්නේද යන්න පිළිබඳව අපැහැදිලිතාවක් පැවති අතර, එම පරීක්ෂණයක් එක් පුද්ගලයෙකුට ඩොලර් 150ක පමණ පිරිවැයක් විය හැකිය.
  • ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලට ඇතුළුවීමට පැය 72 කට පෙර අනිවාර්යෙන් PCR පරීක්ෂණයක් හෝ nose and throat swab පරීක්ෂණයක් හෝ සිදුකරගත යුතුය.
  • 2022 ජනවාරි 17 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද නවසීලන්ත ජාතිකයින්ට සහ සුදුසුකම් ලත් සංචාරකයින්ට අනිවාර්ය හෝටල් නිරෝධායනය රහිතව නවසීලන්තයට ඇතුළුවීමට අවසර ලැබේ. සංචාරකයින් දින 7 ක් නිවෙස්වල නිරෝධායනය විය යුතුය.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,196 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 248 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ
  • මේ අතර ගතවූ පැය 24 තුළ Northern Territory වෙතින් කොවිඩ් ආසාදිතයින් 11 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now