COVID 19 update 10 March: සිසුන්ට හා අත්‍යවශ්‍ය සේවකයින්ට බටහිර ඔස්ට්‍රේලියාවේ නිරෝධායන නීති ලිහිල් කෙරේ

2022 මාර්තු 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Pre school teacher helping children to put on shoes indoors in cloakroom at nursery, coronavirus concept.

Children from year 3 must wear a face mask while indoor in Western Australia. Source: Getty Images / Halfpoint Images

Highlights

  • අද සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාසල් සිසුන් සහ තීරණාත්මක අංශවල සේවකයින් සඳහා ස්වයං නිරෝධායනය වීමේ නීති ලිහිල් කෙරේ. ඔවුන් COVID-19 රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් වන අවස්ථාවලදී දෛනික rapid antigen  පරීක්ෂණ සඳහා ඍණාත්මක ප්‍රතිඵල ලබන විටදී ඔවුන්ට රැකියාවට හෝ පාසලට යාමට අවසර දෙනු ලැබේ
  • ප්‍රවාහනය, ආහාර නිෂ්පාදනය, සුපිරි වෙළඳසැල් ඇතුළු සිල්ලර වෙළඳාම, ඉන්ධන පිරවුම්හල්, කෘෂිකර්මය, පතල් කැණීම, ඉදිකිරීම්, aged care සහ පාසල් යන අංශ  තීරණාත්මක අංශ ලෙස ඇතුළත් කර තිබේ.
  • මෙය ආසාදන වැඩි වීමට හේතු විය හැකි බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අධ්‍යාපන ඇමතිනි Sue Ellery පිළිගත්තාය.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVID-19 හා සම්බන්ධ ආසාදන හා මරණ සංඛ්‍යාව පහත වැටෙන බව තහවුරු කරන ලද අතර බටහිර පැසිෆික් රටවල පමණක් වැඩි වීමක් වාර්තා කරයි.
  • ලෝකයේ වැඩිම කොවිඩ් මරණ අනුපාතය ඇති රට ලෙස හොංකොං රාජ්‍යය  හඳුනාගෙන තිබේ. එහි වයස අවුරුදු 80ට වැඩි පදිංචිකරුවන්ගෙන් අඩකට වඩා තවමත් එන්නත් කර නොමැති අතර aged care පහසුකම්වලින් 87%ක COVID-19 වාර්තා වී ඇත.
  • Cronulla ප්‍රධාන පුහුණුකරු Craig Fitzgibbon හට COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසුව පළමු වටයේ NRL තරග මග හැරීමට ඔහුට සිදුවනු ඇත.
  • සුපිරි ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ඉන්දියන් Wells තරඟාවලියට සහභාගී නොවන බව තහවුරු කර ඇති අතර, කොවිඩ් එන්නත ලබා නොගැනීම හේතුවෙන් ඔහුට දැනට ඇමෙරිකා එක්සත් ජනපදයට යාමටද අවසර නොලැබේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 16,288 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 991 ක් රෝහල්ගත කර ඇති අතර 39 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 7,779 ක් සමග කොවිඩ් මරණ 8 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 188 ක් රෝහල්ගත කර ඇති අතර 32 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 4,571 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 252 ක් රෝහල්ගත කර ඇති අතර 17 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,167 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 16 ක් රෝහල්ගත කර ඇති අතර පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ACT හි කොවිඩ් ආසාදිතයින් 821 ක් හමුවී ඇති අතර 37 ක් රෝහල්ගත කර තිබේ. දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now