COVID 19 update 22 October: Qantas ජාත්‍යන්තර ගුවන් ගමන් යළි අරඹන දිනය ඉදිරියට ගෙනඑයි

2021 ඔක්තෝබර් 22 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Qantas has announced it is bringing forward the restart of a range of international flights.

Qantas has announced it is bringing forward the restart of a range of international flights. Source: AAP

Highlights

  • lockdown කාලය අවසන් වෙත්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,189 ක් සමග කොවිඩ් මරණ 16 ක්.
  • ජාත්‍යන්තර ගුවන් ගමන් යළි අරඹන දිනය Qantas සමාගම ඉදිරියට ගෙන එයි.
  • ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව අතර සංචාරක බුබුලක් ඇරඹීමේ අවසන් අදියරේ සිටින බව අගමැති Scott Morrison පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තය

ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ලොව දීර්ගතම lockdown කාලය වන මෙල්බර්න් lockdown කාලය අවසන් වෙත්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,189 ක් සමග කොවිඩ් මරණ 16 ක් වාර්තා වේ.

මේ අතර ඔක්තෝබර් 30 වනදා වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 80% මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය මීට පෙර සැලසුම් කර තිබුණේ නොවැම්බර් 5 වන දිනටය.

තවද විදේශයන් හි සිට පැමිණෙන පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබාගත් පිරිස් හට නිරෝධායනය වීමේ අවශ්‍යතාව නොවැම්බර් 01 සිට අහෝසි කරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 345 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 5 ක්ද වාර්තා වේ.

මේ අතර ලබන සතියේ සිට තම කාර්ය මණ්ඩලය ආපසු රාජකාරී සඳහා ගෙන්වා වැඩිපුර ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව Qantas ගුවන් සමාගම නිවේදනය කළ නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යළි විවෘත කිරීමේ මාර්ගයේ ක්‍රමිකව ගමන් කරමින් පවතින බව ප්‍රාන්ත අගමැති  Dominic Perrottet, අද උදෑසන සිඩ්නි ගුවන් තොටුපොළේ සිට පැවසුවේය.

තවද ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව අතර සංචාරක බුබුලක් ඇරඹීමේ අවසන් අදියරේ සිටින බවත් බොහෝදුරට අවසන් තීරණය සතියක් ඇතුළත ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වන අතර වයස අවුරුදු 12 හේ පසුවන ළමයින්ගෙන් 84% කට වඩා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි වාර්තා වේ.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නොමැති නමුත් Logan ප්‍රදේශයේ අඩු කොවිඩ් එන්නත්කරණ අනුපාතය පිළිබඳ වැඩි අවධානයක් යොමුවී තිබේ.

මේ අතර හෙට දිනයේ පාසල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන සුපිරි සෙනසුරාදා එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now