COVID 19 update 04 July: මාරාන්තික කොවිඩ් පැතිරීමකට මෙල්බර්න් aged care මධ්‍යස්ථානයකට චෝදනා

2022 ජූලි 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A supplied image obtained on Sunday, February 13, 2022, of Australian Defence Force medical personnel at an aged-care facility in Victoria. Members of the ADF will be deployed to help assist aged care facilities as they deal with COVID-19 surges.

Australian Defence Force medical personnel were deployed at an aged-care facility in Victoria following a COVID-19 outbreak. (file) Source: AAP Image/Supplied by Australian Defence Force

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 26 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 24 ක්ද  නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලින් එක් මරණය බැගින්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා රෝහල්වල සිටින COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගතව ඇති කොවිඩ් රෝගීන් 1,725 ක් සිටින අතර එය අප්‍රේල් 28 වනදායින් පසුව ඔවුන්ගෙන් වාර්තා වූ ඉහළම අගය වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ රෝහල්ගතව ඇති කොවිඩ් රෝගීන් 72 ක් වන අතර එය පසුගිය සිව් මස තුළ එහි වාර්තා වූ ඉහළම අගය වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ජාත්‍යන්තර සංචාරකයින්ට පහසුකම් සැලසීම සඳහා ඔස්ට්‍රේලියාව සිය ජෛව ආරක්ෂණ පනත සංශෝධනය කර ඇත.

ජූලි 6 වන දින පෙ.ව. 12.01 සිට, ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට හෝ පිටවීමට පෙර, සංචාරකයින්ට ඔවුන්ගේ COVID-19 එන්නත් තත්ත්වය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවේ.

කෙසේ වෙතත්, ඔවුන් තවමත් දේශීය සහ අභ්‍යන්තර ගුවන් ගමන් වලදී මුව ආවරණ පැළඳිය යුතුය.

මේ අනුව සියලුම වීසා බලපත්‍රලාභීන්ට travel exemption හෙවත් සංචාරක නිදහස් කිරීමක් නොමැතිව ඔස්ට්‍රේලියාවට යාම් ඒම් සිදුකළ හැකිය.

මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන්ටද තවදුරටත් Maritime Travel Declaration හෙවත් සමුද්‍රීය සංචාරක ප්‍රකාශයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය නොවේ.

2020 දී Fawkner residential aged care මධ්‍යස්ථානයේ මාරාන්තික COVID-19 පැතිරී යාමෙන් පසුව Occupational Health and Safety පනත යටතේ උල්ලංඝනය කිරීම් නවයක් සම්බන්ධයෙන් Worksafe Victoria විසින් St Basil's Homes aged care මධ්‍යස්ථානය වෙත චෝදනා කර තිබේ.

කොවිඩ් වයිරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ aged care නිවැසියන් 94 දෙනාගෙන් 45 දෙනෙකු COVID-19 ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මිය ගිය බව Worksafe Victoria පැවසුවේය.

මේ සම්බන්ධව St Basil's Homes aged care මධ්‍යස්ථානයේ අදහස් දැනගැනීමට SBS පුවත් සේවය ඔවුන්ව සම්බන්ධ කරගැනීමට උත්සහ කරමින් සිටී.

ඉහළ යන ආසාදන සහ රෝහල්ගතවීම් මධ්‍යයේ මුව ආවරණ නැවත හඳුන්වාදීම පිළිබඳව ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් ප්‍රාන්ත රජය අනුගමනය කරන බව ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය ඇමතිනි Yvette D'Ath පැවසුවාය.

ප්‍රාන්තයේ තුන්වන රැල්ල පෙර රැල්ලට වඩා බරපතල විය හැකි බව ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියාව පසුගිය සති අන්තයේ COVID-19 ආශ්‍රිත මරණ 10,000 ක දරුණු සන්ධිස්ථානය පසු කළේය.

මෙම ප්‍රවනතාවය නොකඩවා පැවතුනහොත් වසර අවසන් වන විට මරණ 14,000 ක් සිදුවිය හැකි බව විශේෂඥයෝ පවසති.

පසුගිය සති දෙක තුළ යුරෝපීය කලාපයේ monkeypox රෝගීන් තුන් ගුණයකින් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසුවේය.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now