COVID 19 update 11 November: ඕස්ට්‍රේලියාවේ සිය පළමු කොවිඩ් එන්නත ලබාගත් පිරිස අද 90% ඉක්මවයි

2021 නොවැම්බර් 11 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Greg Hunt

Federal health minister Greg Hunt has said that Australia is expected to surpass 90 per cent single dose vaccination target by 1 PM today. Source: AAP Image/Mick Tsikas

Highlights

  • ඔස්ට්‍රේලියාව සිය පළමු කොවිඩ් එන්නත් ලබාගත් ප්‍රතිශතය 90% ඉක්මවීමට නියමිත වීම නිසා අද දිනය සුවිශේෂී දිනයක් වන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.
  • වයස අවුරුදු 6ත් 11ත් අතර ළමුන් සඳහා තාවකාලිකව SPIKEVAX හෙවත් Moderna mRNA COVID-19 එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය තීරණය කරයි. 
  • තවදුරටත් ආසාදිතයින් වාර්තා වුවහොත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Gold Coast හි සීමා දැඩි කිරීමට සිදුවන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk සඳහන් කරයි. 
  • කැන්බරා හි නීති විරෝධී Halloween උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 33 දෙනෙකු හට කෝවිඩ් වෛරසය වැළදෙයි.
  • ටස්මෙනියාවේ 80% ප්‍රතිශතයක් සම්පුර්ණයෙන් එන්නත් ලබයි. 
  • Fiji රජය ඔස්ට්‍රේලියාව සඳහා සිය ජාත්‍යන්තර දේශසීමා විවුර්ත කොට ඇති අතර Fiji ගමන් බලපත් හිමියන්, සම්පුර්ණ එන්නත් ලද පිරිස මෙන්ම ආපසු පැමිණෙන ඕස්ට්‍රේලියානුවන් හට දෙසැම්බර් 1 දා සිට නිරෝධයනයකින් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට හැකි වෙයි.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,313 ක් සමග කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 261 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක්ද වාර්තා වේ. 
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් දෙදෙනකු හමුවී ඇති අතර එක් අයකු මේ වනවිට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරට සම්බන්ධ නොවේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

2 min read

Published

Updated

By SBS/ALC Content, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now