COVID 19 update 23 Feb:ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 6-10 අතර ළමුන්ට Moderna එන්නත ලබාදීමට අවසර

2022 පෙබරවාරි 23 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Gloved hands holding a Moderna COVID-19 vaccine vial

The Moderna COVID-19 vaccine will be available from tomorrow 24 February to children aged 6 to 11. Source: Aditya Sutanta/ABACA

Highlights

  • ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 6ත් 10 ත් අතර ළමුන්ට Moderna එන්නත ලබාදීමට අවසර හිමිව ඇති අතර එම එන්නත හෙට (24)සිට ලබාගැනීමට හැකියාව පවතී. මෙම එන්නත් මාත්‍රාවෙන් අඩක් පමණක් මෙම වයස් කාණ්ඩයේ ළමුන් හට ලබාදීම සිදු වේ.
  • මෙලෙස වයස අවුරුදු 6ත් 11ත් අතර ළමුන් සඳහා Moderna එන්නත ලබාදීමට ලොව පළමු වරට අවසර ලබාදී ඇත්තේ ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය මගින් වන අතර ඉදිරියේදී, ජාත්‍යන්තරයේ සෙසු නියාමකයින් මෙම අවසරය ලබා දෙනු ඇති බව මහාචාර්ය John Skerritt පවසයි.
  • පෙබරවාරි 28 වැනි සඳුදා දින සිට නිව් සවුත් වේල්ස්හි පාසල් සඳහා පවතින කොවිඩ් නීති ලිහිල් කිරීම සිදු වේ. මේ ඔස්සේ විවිධ ශ්‍රේණි වල සිසුන් හට එක වීමට හැකියාව හිමි වන අතර දෙමාපියන්ට සහ අමුත්තන්ට පාසල් තුලට පැමිණීමට හැකියාව හිමිවේ. 
  • පෙබරවාරි මස 28 වැනිදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාසල් වල උසස් පෙළ සිසුන් සඳහාත් මාර්තු මස 7 වැනිදා සිට ප්‍රාථමික පාසල් වල සිසුන් සඳහාත් මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවේ.
  • ලබන සතියේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාසල් වල RAT පරීක්ෂණ තවදුරටත් අවශ්‍ය නොවන බවට පසුගිය ඉරිදා දින සඳහන් කල අතර එම පරීක්ෂණ කට්ටල සිසුන්ගේ පවුල් වෙත ලබාදීම සිදු වේ.
  • පෙබරවාරි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ බොහෝ ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවේ.නමුත් පොදු ප්‍රවාහන සේවයේදී, රෝහල්/ වයස්ගත සත්කාරක මධ්‍යස්ථාන/ හෝ නේවාසික මධ්‍යස්ථාන වැනි ඉහල අවදානමක් සහිත පරිසර වලදී මුහුණු ආවරණ පැළඳිය යුතුය. එමෙන්ම රාජකාරි කටයුතු අතරතුර /ගුවන් තොටුපළේදී/ ගුවන් ගමන්වලදී සහ පාසල්වලට අමුත්තන් වශයෙන් යාමේදී මුහුණු ආවරණ පැළඳිය යුතු වේ. වසර 7 සිට 12 දක්වා සිසුන් පාසලේ සිටියදී මුහුණු ආවරණ පැළඳිය යුතුය.
  • ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk අද වාර්තා වූ මරණ සම්බන්ධයෙන් සඳහන් කොට සිටියේ, සතියක පමණ කලක් වූ මරණ සම්බන්ධයෙන් ප්‍රාන්ත උපත්, මරණ සහ විවාහ දෙපාර්තමේන්තුවේ නිකුත් කල වාර්තාවක වූ මරණ සන්ක්‍යාවද අද මරණ අතර වාර්තා කල බවයි.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 8,931 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,246 ක් රෝහල්ගත කර ඇති අතර 69 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,926 ක් සමග කොවිඩ් මරණ 17 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 319 ක් රෝහල්ගත කර ඇති අතර 22 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,301 ක් සමග කොවිඩ් මරණ 37 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 379 ක් රෝහල්ගත කර ඇති අතර 35 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 842 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 10 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 946 ක් වාර්තා වේ. එමෙන්ම ACT හි මේ වන විට කොවිඩ් රෝගීන් 40 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

ගතවූ පැය 24 තුළ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 645 ක් වාර්තා වේ. එමෙන්ම මේ වන විට කොවිඩ් රෝගීන් 5 ක් රෝහල්ගත කොට තිබේ.


 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න. 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

4 min read

Published

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now