SKIP TO MAIN CONTENT

COVID 19 update 16 Feb: ලබන සතියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිපුර elective සැත්කම් කිරීමට අවසර

2022 පෙබරවාරි 16 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Victorian Premier Daniel Andrews speaks to the media during a press conference in Melbourne, Wednesday, February 16, 2022. (AAP Image/James Ross) NO ARCHIVING
Victorian Premier Daniel Andrews. Source: AAP Image/James Ross

3 min read

Published

By Madhura Seneviratne



Skip to article content

Highlights

  • රෝහල්වල කොවිඩ් රෝගීන් අඩුවීමත් සමග මෙල්බර්න් කලාපයේ සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයන්හි රෝහල්වල වැඩිපුර elective සැත්කම් පෙබරවාරි 21 සිට ආරම්භ කෙරේ.
  • "කොවිඩ් රෝගීන් රෝහල්ගතවීම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර රෝහල් කාර්යමණ්ඩලය සුපුරුදු කාර්යයන් සඳහා ලබා ගැනීමේ හැකියාව වැඩිවී ඇති අතර රෝහල් කටයුතු සඳහා දැනට පනවා ඇති ඉතිරි සීමාවන් ඉවත් කිරීමට අපිට හැකිවී තිබෙනවා." යනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.
  • ඒ සම්බන්ධයෙන් ධනාත්මක නිවේදනයක් නුදුරේදීම නිකුත් කරන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
  • ක්වීන්ස්ලන්තයේ ළමුන් අතර කොවිඩ් ආසාදන අඛණ්ඩව වැඩි වන නමුත් පාසල් තවමත් ඉතා හොඳින් කළමනාකරණය වෙමින් පවතින බවත් නිරෝධායනයක් හෝ වසා දැමීමක් අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය ඇමතිනි Yvette D'Ath සහතික කරයි.
  • එන්නත් කිරීම මෙම රෝගයේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරී John Gerrard පැවසීය. දිනපතා වාර්තා වන මරණවලට COVID-19 හේතුවීම බොහෝ විට තීරණය කිරීමට අපහසු බව ඔහු පැවසීය.
  • Northern Territory රෝහල් වෙත code brown තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය සහ හෙද සහ වින්නඹු මාතාවන්ගේ සංගමය ඉල්ලා සිටී.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 10,463 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 27 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,478 ක් රෝහල්ගත කර ඇති අතර 92 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 8,149 ක් සමග කොවිඩ් මරණ 18 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 397 ක් රෝහල්ගත කර ඇති අතර 68 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,596 ක් සමග කොවිඩ් මරණ 12 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 432 ක් රෝහල්ගත කර ඇති අතර 38 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 625 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 13 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

 

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න. 


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව 

 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now