COVID 19 update 08 November: මෙල්බර්න් CBD යළි නගා සිටුවීමට ඩොලර් මිලියන 44 ක පැකේජයක්

2021 නොවැම්බර් 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A $44 million package has been unveiled to revitalise Melbourne's CBD as workers and visitors return after the city's sixth lockdown.

A $44 million package has been unveiled to revitalise Melbourne's CBD as workers and visitors return after the city's sixth lockdown. Source: AAP

Highlights

  • ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම අද පටන් ආරම්භ විය. වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට දෙවැනි කොවිඩ් එන්නත ලබා මාස හයකට පසුව මෙම කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත හැකිය.
  • ඔබට කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට www.australia.gov.au වෙබ් අඩවියෙන් හෝ www.health.gov.au වෙබ් අඩවියේ Vaccine Clinic Finder යටතේ සිදුකර ගත හැකිය.
  • මෙල්බර්න් හි CBD යළි නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 44 ක පැකේජයක් එළිදක්වා ඇති අතර ඉන් ඩොලර් මිලියන 5 ක්  midweek dining rebate වැඩසටහන සඳහා ඇතුළත් වේ.
  • අද සිට ඔස්ට්‍රේලියාවේ ඔසුසැල්වලින් Pfizer එන්නත ද ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද වැසියන්ට අද සිට කොවිඩ් නීති තවත් ලිහිල් කර තිබේ. ඒ අනුව නිවෙස්වලට අමුත්තන් ලෙස යාමේදී හෝ එළිමහනේ රැස්වීමේදී හෝ ඔවුන්ට උපරිම පුද්ගල සීමාවක් නොමැත.
  • පාසල් සඳහා ද නොමිලයේ  rapid antigen පරීක්ෂණ සිදු කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,126 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 187 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 7 ක්ද වාර්තා වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now