COVID 19 update 21 Dec: රට lockdown කරනවාද නැද්ද යන්න පිළිබඳව කැබිනට් රැස්වීමෙන් පසුව අගමැති මොරිසන් කරුණු හෙළිකරයි

2021 දෙසැම්බර් 22 වන බදාදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Prime Minister Scott Morrison speaks to the media during a community breakfast on Bribie Island, north of Brisbane, Tuesday, December 21, 2021. (AAP Image/Albert Perez) NO ARCHIVING

Prime Minister Scott Morrison and state leaders held a meeting of national cabinet on Wednesday. Source: AAP

Highlights

  • Omicron වෛරස තර්ජනය පැවතියද නැවතත් රට lockdown කිරීමක් දක්වා ගෙන නොයන බවට අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒකමතික තීරණයකට එළඹි බව අගමැති ස්කොට් මොරිසන් හෙළිකොට සිටියේය.
  • ගෘහස්ත ස්ථාන වලදී සෑම විටම මුව ආවරණ පළඳින ලෙසට අගමැති ස්කොට් මොරිසන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ විසින් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාවෙන් පසුව බූස්ටර් එන්නත් ලබා දීමේ කාල පරතරය පිළිබඳ ගැටළුව අවධානයට ලක්කොට තිබේ.
  • ඕස්ට්‍රේලියාවට දිනකට COVID-19 රෝගීන් 200,000 දක්වා ළඟා විය හැකි බව පෙන්වන නව වාර්තා සාවද්‍ය බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේය.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk මෙම දෙසැම්බර් 23 වන බ්‍රහස්පතින්දා උදේ 5:00 සිට සිනමා ශාලා, හෝටල්, ආපනශාලා ඇතුළු ආගන්තුක සත්කාර ක්ෂේස්ත්‍රයේ සේවකයින් සඳහා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව නිවේදනය කලාය.
  • COVID-19 හි Omicron ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට බූස්ටර් එන්නතක් සංවර්ධනය කිරීමේදී සමාගම කිසිදු ගැටළුවක් අපේක්ෂා නොකරන බව Moderna හි ප්‍රධාන විධායකවරයා පවසා තිබේ.

එක් එක් ප්‍රාන්ත වලින් අද දිනයේදී වාර්තා වන කොවිඩ් තත්වය

  • නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අද දිනයේත් වාර්තාගත ලෙසින් COVID-19 රෝගීන් සංඛ්‍යාවක් 3,763 දෙනෙකු හඳුනාගෙන ඇත. එසේම ප්‍රාන්තයේ රෝහල්වල කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 302 ක් සිටින අතර ඔවුන්ගෙන් 40 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ අද දිනයේදී (දෙසැ 22) නව කොරෝනා ආසාදිතයින් 1503 ක්, කොවිඩ් මරණ 6ක් වාර්තා වන අතර පුද්ගලයින් 394 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඉන් 70 ක් හදිසි ප්‍රතිකාර සේවා අංශයේ
  • තස්මේනියා ප්‍රාන්තයේ අද අලුතින් කොරෝනා රෝගීන් 12 දෙනෙකු හමුව ඇත.
  • ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියේ නව කොවිඩ් ආසාදිතයින් 58ක් අද හමුව ඇති අතර 3න් දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අද වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 186 කි.
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අද වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 198 ක් වන අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

 


Share

3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News, SBS Sinhala program




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now