COVID 19 update 30 Dec: වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට ඉක්මනින්ම නොමිලේ Rapid antigen පරීක්ෂණ කට්ටල

2021 දෙසැම්බර් 30 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

PCR testing queue outside 4Cyte Pathology in Sydney

PCR testing queue outside 4Cyte Pathology in Sydney’s CBD. Source: AAP Image/Brendon Thorne

Highlights

  • ඔස්ට්‍රේලියාවේ කොවිඩ් සමීප ආශ්‍රිතයින් යන්න යළි නිර්වචනය කිරීමට සහ COVID-19 පරීක්ෂාව සඳහා ස්ථාවර ප්‍රවේශයක් සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතය.
  • වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට ඉක්මනින් නොමිලේ COVID-19 rapid antigen පරීක්ෂණ කට්ටල සඳහා ප්‍රවේශය ලැබෙනු ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි. නමුත් ප්‍රාන්ත රජය ඒවා බෙදා හරින සැලැස්ම පිළිබඳ විස්තර තවමත් නිකුත් කර නොමැත.
  • Torres Strait දූපතේ  අද දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හමුවී තිබේ.
  • සංචාරකයින්ගේ කොවිඩ් පරීක්ෂා කිරීම පිළිබඳ වූ අවුල් සහගත බව සම්බන්ධයෙන් සති කිහිපයකට පෙර  ක්වීන්ස්ලන්ත සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජයන්ට අනතුරු ඇඟවූ බව NSW Pathology සායනයක් කියා සිටියි.
  • දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි අප්‍රිකානු සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ මූලික සොයාගැනීම්වලට අනුව Omicron ප්‍රභේදය නිසා ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා විය හැක.
  • ගෝලීය කොවිඩ් එන්නත් අසමානතාවය අවසන් කිරීමට උත්සාහ දරන විට Omicron සහ Delta රෝගීන්ගේ “සුනාමිය” නිසා සෞඛ්‍ය පද්ධති බිඳ වැටීමට ආසන්න වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය Tedros Adhanom Ghebreyesus පවසයි.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 12,226 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,137 ක් සමග කොවිඩ් මරණ 13 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,222 ක් වාර්තා වන අතර ටස්මේනියා ප්‍රාන්තයෙන් 92 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now