COVID 19 update 27 July: වත්මන් රැල්ලට පෙර ඔස්ට්‍රේලියානුවන්ගෙන් 50% කට කොවිඩ් වැළදුණු බව හෙළිවෙයි

2022 ජූලි 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Actualización COVID-19: casi la mitad de la población australiana contrajo el virus antes de la ola actual, afirma un nuevo informe

Actualización COVID-19: casi la mitad de la población australiana contrajo el virus antes de la ola actual, afirma un nuevo informe Source: AAP Image/Con Chronis

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 32 ක් ද වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 32 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 19 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සහ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ සහ Kirby ආයතනයේ පර්යේෂකයන් විසින් දෙවන 'serosurveillance' වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 46% කට ජුනි මස මුල වන විට සහ මෑත කාලීන Omicron තරංගය ආරම්භ වීමට පෙර COVID-19 වැළදී ඇති බව ඔවුහු පැවසුහ. ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් පසුගිය මාස තුන තුළ වාර්තා විය.

පර්යේෂකයන් විසින් වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල අවුරදු 18-29 වයස් ඛාණ්ඩයේ උදවියට වයිරසය වැඩිපුරම ආසාදනය වී ඇති බව (62% ක්ඉ) අනාවරණය කරගෙන ඇත. මෙම වාර්තාව පදනම් වී ඇත්තේ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල මතය.

Serosurveillance වාර්තාව මගින් බෝවන රෝග වලට එරෙහිව ප්‍රතිදේහ මට්ටම් ඇස්තමේන්තු කරන අතර අතීත ආසාදන හෝ එන්නත් හේතුවෙන් ජනගහන ප්‍රතිශක්තිය මැනීමේ උසස්ම ප්‍රමිතිය ලෙස සැලකේ.

පසුගිය ඉරිදා ක්වීන්ස්ලන්ත ළමා රෝහලේදී COVID-19 ආසාදනය වී මාස 23 ක් වයසැති දරුවෙකු මිය ගියේය. කෙසේවෙතත්, බලධාරීන් මරණය තහවුරු කළේ අඟහරුවාදා දිනය.

බදාදා (ජූලි 27) ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති Steven Miles පවුලේ අයට ශෝකය ප්‍රකාශ කළේය. කෙසේවෙතත්, මුව ආවරණ පැළඳීම හෝ වෙනත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නැවත හඳුන්වා දීමේ කිසිදු සැලසුමක් නැති බව ඔහු පැවසුවේය.

වසංගතයේ මුල් අවධියේ (2020-2021) ඔස්ට්‍රේලියානුවන් 139,300 දෙනෙකුට මධ්‍යසාර, amphetamines, ගංජා සහ හෙරොයින් වැනි ද්‍රව්‍ය සඳහා ප්‍රතිකාර ලබා දී ඇති බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය (AIHW) පැවසුවේය.

ප්‍රතිකාර සඳහා ලැබෙන වඩාත් සුලභ සේවාදායකයින් මධ්‍යසාරවලට ඇබ්බැහිවූවන් බව AIHW ප්‍රකාශක වෛද්‍ය ගේබ්‍රියෙල් ෆිලිප්ස් පැවසුවාය.

Northern Territory හි Royal Darwin රෝහල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැප වූ වාට්ටු දෙකක් නැවත විවෘත කර ඇත.

COVID-19 නියාමන ප්‍රතිසංස්කරණ තබා ගැනීමෙන් ඉදිරි දශකය තුළ ප්‍රාන්ත ආර්ථිකයට ඩොලර් බිලියන 3.1 ක උපකාරයක ලැබෙනු ඇති බව NSW ඵලදායිතා කොමිෂන් සභාව සඳහන් කළේය.

ඇතැම් ප්‍රතිසංස්කරණවලට වඩා නම්‍යශීලී සිල්ලර මෙහෙයුම් වේලාවන් සමඟ ව්‍යාපාරවලට සහාය වීම සහ දිගු සේවා නිවාඩු සඳහා මිනිසුන් ප්‍රවේශ වන ආකාරය වැඩිදියුණු කිරීම ඇතුළත් විය.

Share

Published

Presented by Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 27 July: වත්මන් රැල්ලට පෙර ඔස්ට්‍රේලියානුවන්ගෙන් 50% කට කොවිඩ් වැළදුණු බව හෙළිවෙයි | SBS Sinhala