COVID 19 update 31 Dec: කොවිඩ් සමීප ආශ්‍රිතයාට දුන් නව නිර්වචනය දකුණු ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි

2021 දෙසැම්බර් 31 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Prime Minister Scott Morrison holds a National Cabinet meeting in Canberra, 30 December

Prime Minister Scott Morrison holds a National Cabinet meeting in Canberra, 30 December. Source: AAP Image/Lukas Coch

Highlights

  • කොවිඩ් සමීප ආශ්‍රිතයාට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබාදුන් නව නිර්වචනයට ඊයේ (30/12) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ අතර එම නව නිර්වචනය සහ විධි විධාන ඊයේ (30/12) මධ්‍යම රාත්‍රියේ සිට නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවලත් ACT තුළත් බලාත්මක වීම ඇරඹිණි.
  • ටස්මේනියා ප්‍රාන්තයේ මෙම නව විධි විධාන 2022 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන අතර Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ඉදිරි දින කිහිපය තුළදී මෙය ක්‍රියාත්මක කරන දිනය පිළිබඳ දැනුම් දෙනු ඇත.
  • නමුත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය මෙම නව නීති ප්‍රතික්ෂේප කර තිබේ.
  • නව නිර්වචනයට අනුව කොවිඩ් ආසාදිතයෙකු සමග එකම නිවසේ වෙසෙන පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිතයෙකු සමග පැය 4 කට වඩා නිවසක, නවාතැන්පොළක, රැකවරණ පහසුකම් සපයන ස්ථානයක සිටි පුද්ගලයෙකු හෝ කොවිඩ් සමීප ආශ්‍රිතයෙකු ලෙස සලකනු ලැබේ.
  • එම නිර්වචනයට පටහැනි අදහසක් දක්වමින් දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරියා පවසන්නේ කොවිඩ් ආසාදිතයෙකු සමඟ මිනිත්තු 15 කට වඩා වැඩි කාලයක් ගත කළ ඕනෑම අයෙකු සමීප ආශ්‍රිතයෙකු ලෙස සලකන බවයි.
  • බොහෝ ප්‍රාන්තවල කොවිඩ් ආසාදිතයින් සහ සහ සමීප ආශ්‍රිතයින් දින හතක් හුදකලා විය යුතු අතර හයවන දින rapid antigen පරීක්ෂණයක් කළ යුතුය. නමුත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ එම කාලය දින 10 කි.
  • වෙනත් ප්‍රාන්තවලින් පැමිණෙන සංචාරකයින් හට PCR පරීක්ෂණ කිරීම ටස්මේනියා ප්‍රාන්තය 2022 ජනවාරි 01 සිට නවත්වයි.
  • දකුණු ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු දෙකට අඩු කොවිඩ් ආසාදිත දරුවෙකු මිය ගොස් ඇති නමුත් මරණයට හේතුව තවමත් නිශ්චය කර නොමැත.
  • වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ගෙන් 90% ක් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් කිරීමත් සමග ඔස්ට්‍රේලියාව කොවිඩ් එන්නත්කරණයේ තවත් සන්ධිස්ථානයක් පසු කරයි.
  • Rapid antigen පරීක්ෂණ කට්ටලවල තොග නැතිවීම නිසා ඒවායේ මිලගණන් ඉහළ යමින් පවතියි. සිඩ්නි නුවර එක් ඔසුසැලක Rapid antigen පරීක්ෂණ කට්ටලයක් $25 කට අලෙවි කෙරෙන බව වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 21,151 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,919 ක් සමග කොවිඩ් මරණ 7 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 3,118 ක් වාර්තා වන අතර ටස්මේනියා ප්‍රාන්තයෙන් 137 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now