COVID 19 update 22 August: ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදන සහ රෝහල්ගතවීම් අඛණ්ඩව අඩුවෙමින් පවතී

2022 අගෝස්තු 22 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

CITY2SURF FUN RUN/COVID

Participants take part in the annual City2Surf fun run in Sydney. (file) Source: AAP / STEVEN SAPHORE/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 10 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 06 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 04 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා නව කොවිඩ් රෝගීන්, රෝහල්ගතවීම් සහ ICU ඇතුළත් කිරීම් අඛණ්ඩව පහත වැටේ.

ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි දැන් අප්‍රේල් 4 සිට ඔවුන්ගේ අඩුම COVID-19 ආසාදන වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

කොවිඩ් වසංගතය අතරතුර රහසිගතව අමාත්‍යාංශ පහකට තමන්වම පත් කළ හිටපු අගමැති Scott Morrison පිළිබඳ නීති උපදෙස් නිකුත් කිරීමට අගමැති Anthony Albanese සූදානම් වේ.

NSW සිය ප්‍රථම දේශීය monkeypox ආසාදනය පසුගිය සති අන්තයේ වාර්තා කළේය. NSW ප්‍රාන්තයේ දැනට monkeypox රෝගීන් 42 ක් සිටින අතර ඉන් වැඩිම ආසාදන වාර්තා වී ඇත්තේ විදෙස්ගත වී ආපසු පැමිණි ජාත්‍යන්තර සංචාරකයින්ගෙනි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව අගෝස්තු 19 වන විට residential aged care පහසුකම්වල COVID-19 රෝගීන් 3,917 ක් සහ ක්‍රියාකාරී පැතිරීම් 592 ක් පෙන්නුම් කරයි.

2022 අගෝස්තු 12 වන දින සිට මුළු පැතිරීම් 148 කින් සහ නව නේවාසික මරණ 92 කින් වැඩි වී ඇති බව එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතයේ පළමු වසර දෙක තුළ දික්කසාද අයදුම්පත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියාවේ Federal Circuit සහ Family අධිකරණයේ දත්ත පෙන්වා දෙයි.

2019-20 දී අයදුම්පත් 45,886 ක් සහ 2018-19 දී අයදුම්පත් 44,432 ක් සමඟ සසඳන විට 2020-21 දී මුළු දික්කසාද අයදුම්පත් 49,625 ක් ලැබී ඇත.

ජපාන අගමැති Fumio Kishida, COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now