COVID 19 update 02 June: මාස 2කට පසු NSW හා ක්වීන්ස්ලන්තයේ රෝහල්ගත කරන කොවිඩ් රෝගීන් අඩුවෙයි

2022 ජුනි 02 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

New South Wales and Queensland reported their lowest hospitalisations numbers in the past two months on Thursday.

Western Australia follows New South Wales, Victoria, South Australia and Queensland in providing free flu vaccine shots to residents. (file) Source: AAP Image/Bianca De Marchi

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 46 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 23 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 09 ක්ද සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 11ම ක්ද ඊට ඇතුලත්වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 09 ක්ද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල් ගත කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,066 ක් වන අතර දැඩි සත්කාර ඒකකයේ 30 ක් සිටින බව වාර්තා වේ. එය පසුගිය මාස 2 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම රෝහල්ගත කිරීම් විය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල් ගත කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 316 ක් වන අතර එය අප්‍රේල් 04 න් පසුව වාර්තා වූ අඩුම සංඛ්‍යාව වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය මේ මාසය අවසන් වන තෙක් සියලුම ප්‍රාන්ත වැසියන්ට නොමිලේ flu එන්නත් ලබා දෙයි. මේ අතර ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්ස්, දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා ප්‍රාන්තවල පදිංචිකරුවන්ට ජුනි 30 දක්වා නොමිලේ flu එන්නත ලබා ගැනීමට හැකියාව ඇත.

තම ප්‍රාන්තයේ syphilis (සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධතා මගින් පැතිරෙන බැක්ටීරියා ආසාදනයක්) පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අනතුරු අඟවා ඇත. 2016 සහ 2020 අතර නව රෝගීන් දෙගුණයකට වඩා වැඩි වී ඇති බව ඔවුහු සඳහන් කරති.

සිඩ්නි හි නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් හුදකලා කිරීමේ ක්‍රියාවලිය සහ COVID-19 ප්‍රභේදයන් මගින් ඇති කරන අවදානම් හඳුනාගැනීම වේගවත් කරන ක්‍රමවේදයක් සොයාගෙන තිබේ.

ප්‍රතිකාර වල සඵලතාවය මැනීමට ද මෙම ක්‍රමවේදය භාවිතා කළ හැක.

COVID-19 එන්නත් දකුණු ඕස්ට්‍රේලියාව පුරා ප්‍රාථමික පාසල් දහයක සෙනසුරාදා පෙ.ව. 10 සිට සවස 4:30 දක්වා ලබා ගත හැකිය.

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 02 June: මාස 2කට පසු NSW හා ක්වීන්ස්ලන්තයේ රෝහල්ගත කරන කොවිඩ් රෝගීන් අඩුවෙයි | SBS Sinhala