Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 66 ක් වාර්තා වී ඇති අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක් ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 17 ක් ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 14 ක්ද ඊට ඇතුලත්වේ.
ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම්වල කැපී පෙනෙන ඉහළ යාමක් ඔඑන්නුම් කරයි.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
අගමැති Anthony Albanese ලබන සඳුදා (ජූලි 18) හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.
3 වන Omicron රැල්ල සහ ස්වයං නිරෝධායනය වීමේදී සතියකට ගෙවනු ලබන ඩොලර් 750 ක ගෙවීම ආපසු ආරම්භ කිරීම යන කරුණු එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
අවම වශයෙන් ශීත සෘතුව අවසන් වන තෙක් එම ගෙවීම් නැවත ස්ථාපිත කරන ලෙස විපක්ෂය, ප්‍රාන්ත අගමැතිවරුන් සහ ඇතැම් කම්කරුපක්ෂ මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.
NSW Health විසින් නැවත පැමිණි ජාත්‍යන්තර මගීන් තිදෙනෙකුගෙන් නව Omicron උප ප්‍රභේදයක් වන B.2.75 වාර්තා කරන ලදී. මෙම නව ප්‍රභේදය රටවල් 10කින් සොයාගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය B.2.75 පිළිබඳ විමර්ශනය කරමින් සිටින නමුත් එය තවමත් උනන්දුවක් හෝ සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රභේදයක් ලෙස ප්‍රකාශ කර නැත.
Rapid Antigen පරීක්ෂණ කට්ටල ලබාගැනීමට මධ්‍යම රජයේ සහනදායී වැඩසටහන මේ මස අවසන් වන බැවින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා නොමිලේ Rapid Antigen පරීක්ෂණ කට්ටල ලබා දීමට NSW ප්‍රාන්ත රජය සැලසුම් කරයි.
දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති NSW පදිංචිකරුවන්ට වඩා හොඳ නිරවද්‍යතාවයක් සඳහා PCR පරීක්ෂණයක් ලබා ගැනීමට උපදෙස් දී ඇත. ඔවුන් PCR පරීක්ෂණ ප්‍රතිඵලය එනතුරු බලා සිටින අතරතුර Rapid Antigen පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියි.
NSW ප්‍රාන්තයේ එන්නත් නොකළ අමුත්තන්ට ජූලි 18 සිට aged care නිවාසවල පදිංචිකරුවන් බැලීමට අවසර දෙනු ඇත.
කෙසේ වෙතත්, aged care මධ්‍යස්ථානවලට අමුත්තන් ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේම නීති සැකසීමට අවසර දී ඇත. එවැනි විධිවිධාන දැනටමත් වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල ක්‍රියාත්මක වේ.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සහ Northern Territory හි කොවිඩ් වයිරසය නැවත ආසාදනය වීමේ කාලය සති 14 සිට දින 28 දක්වා අඩු කර ඇත.