COVID 19 update 01 March: නවසීලන්තය සුදුසුකම් ලත් සංචාරකයින්ට ස්වයං නිරෝධායනය ඉවත් කරයි

2022 මාර්තු 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Wanawake wawili wakumbatiana katika uwanja wakimataifa wa Auckland, New Zealand, baada ya mmoja wao kuwasili kwa ndege kutoka Australia.

Wanawake wawili wakumbatiana katika uwanja wakimataifa wa Auckland, New Zealand, baada ya mmoja wao kuwasili kwa ndege kutoka Australia. Source: Brett Phibbs/New Zealand Herald via AP

Highlights

  • නවසීලන්තයට ගමන් කරන පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට මාර්තු 2 බදාදා රාත්‍රී 11.59 සිට ස්වයං-හුදෙකලා වීමට අවශ්‍ය නොවේ.
  • නමුත් නවසීලන්තයට පැමිණි විටම සහ පැමිණ දින සිට 5 වන හෝ 6 වන දිනයේදී කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම තවමත් කළ යුතුය.
  • නවසීලන්ත ස්ථිර පදිංචිකරුවන්, ඔවුන්ගේ සහකරුවන්, යැපෙන දරුවන් සහ දෙමාපියන් ඇතුළු සීමිත පුද්ගලයින් සංඛ්‍යාවකට පමණක් දැන් නවසීලන්තයට ඇතුළු වීමට අවසර ඇත.
  • මාර්තු 03 වනදා සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සිය ප්‍රාන්ත සීමා විවෘත කරන අතර එදින සිට දැඩි කොවිඩ් නීති හඳුන්වා දෙනු ඇත.
  • 3 වසරේ සිට පාසල් ළමුන් සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, නිවෙස්වල රැස්විය හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 10 දෙනෙකුට සීමා කිරීම, පුද්ගලයින් 500 කට සීමා කළ එළිමහන් රැස්වීම් සහ උත්සව සහ සිනමාහල් හා රංග ශාලාවල ප්‍රේක්ෂක ධාරිතාව 50% කට සීමා කිරීම එම නව කොවිඩ් නීති අතරට ඇතුළත් වේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 8,874 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,098 ක් රෝහල්ගත කර ඇති අතර 49 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,879 ක් සමග කොවිඩ් මරණ 18 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 255 ක් රෝහල්ගත කර ඇති අතර 41 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 4,453 ක් සමග කොවිඩ් මරණ 10 ක් වාර්තා විය. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 316 ක් රෝහල්ගත කර ඇති අතර 26 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 957 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 13 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති..
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 692 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා වේ. එමෙන්ම ACT  හි මේ වන විට කොවිඩ් රෝගීන් 45 ක් රෝහල්ගත කර ඇත.

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now