Highlights
- නවසීලන්ත අගමැතිනිය වන Jacinta Ardern නිවේදනය කොට සිටියේ මින් පෙර උපදෙස් දුන් කාලයට වඩා කලින් සංචාරකයින් සඳහා දේශසීමා නැවත විවෘත කරන බවයි.
- එමෙන්ම ඇය සඳහන් කොට සිටින්නේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානුවන් නවසීලන්තයට ජූලි මාසයේදී පැමිණීමට නියමිතව තිබූ අතර වෙනත් වීසා නිදහස් රටවල් සඳහා දේශසීමා විවුර්ත කිරීම කලින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ පිළිබඳව තොරතුරු මෙම සතිය අගදී අනාවරණය කිරීමට නියමිතව තිබේ.
- COVID-19 සමීප සම්බන්ධතා සඳහා ස්වයං හුදකලා අවශ්‍යතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික කැබිනට් මණ්ඩලය පසුගිය සිකුරාදා සාකච්චා කොට තිබේ.
- ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින් මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුවේ උපදෙස් ඉල්ලා ඇති අතර, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කොට සිටියේ හැකි ඉක්මනින් මෙම නීතිය ඉවත් කිරීමට තමන් කැමති බවයි.
- ඕස්ට්‍රේලියානු මැතිවරණයෙන් පසු ජූනි මාසය දක්වා ජාතික කැබිනට් මණ්ඩලය නැවත රැස්වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.
- වසංගතය ආරම්භයෙන් පසු චීනය, මේ වනවිට රට තුළ ඇති වූ දරුණුතම කොවිඩ් ව්‍යාප්තිය සමග කටයුතු කරන අතර ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයේ සිදුවීම්වල වැඩිවීමක්ද වාර්තා වේ.මේ අනුව චීනයෙන් කොවිඩ් රෝග ලක්ෂණ පවතින ආසාදිතයින් 1,938 සහ රෝග ලක්ෂණ නොපවතින ආසාදිතයින් 1,455 ඊයේ වාර්තා වී තිබේ.
- චීනය zero-COVID උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටින අතර මිලියන 9 ක ජනගහනයක් සිටින Changchun සහ මිලියන 17 කට වඩා වැඩි පිරිසක් වෙසෙන Shenzhen නගර lockdown කොට තිබේ.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 8,911
- කොවිඩ් මරණ - 1
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,005
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 47
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 5,499
- කොවිඩ් මරණ - 1
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 198
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 25
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 3,797
- කොවිඩ් මරණ - 2
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 233
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 19
ටස්මේනියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 923
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 13
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 3
ACT
- කොවිඩ් ආසාදිතයින් - 599
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 38
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 3
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

