SKIP TO MAIN CONTENT

COVID 19 update 03 Dec: NSW නවතම ආසදිතයාට Omicron පැමිණ ඇත්තේ ප්‍රජාවෙන් බවට සැකයක්

2021 දෙසැම්බර් 03 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Dom Perrottet
NSW Premier Dominic Perrottet says the restrictions in the state will ease as planned despite the recent spike in infections. Source: AAP

2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Omicron කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ නවතම ආසදිතයා එම ප්‍රභේදය ප්‍රජාව තුළින් ආසාදනය වූ පළමු ඔස්ට්‍රේලියානුවාසියා බවට සැක කෙරේ.
  • Northern Territory ය සිය පළමු කොවිඩ් මරණය වාර්තා කරයි. කිසිදු කොවිඩ් මරණයක් සිදු නොවූ ඔස්ට්‍රේලියාවේ එකම ප්‍රාන්තය හෝ ටෙරිටරිය ලෙස Northern Territory ය හැඳින්වුණි.
  • ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ සැලසුමේ වෙනසක් නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
  • Omicron ප්‍රභේදය මතුවීමෙන් පසු අප්‍රිකානු රටවල් නවයකට සංචාරක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගත් තීරණය අප්‍රිකානු-ඕස්ට්‍රේලියානු ප්‍රජා නායකයින් විසින් විවේචනය කරන ලදී.
  • ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්තවල කොවිඩ් අවදානම් ශ්‍රේණිගත කිරීම "පහළ" සිට "මධ්‍යම" දක්වා ඉහළ නැංවීමෙන් පසු දකුණු ඔස්ට්‍රේලියාවෙන් පැමිණෙන සංචාරකයින්ට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් කර ඇත.
  • ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කාල සටහනේ වෙනසක් නොමැති බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) පවසයි.
  • කොවිඩ් ආරක්ෂණ පියවරයන් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අතිරේක ඩොලර් මිලියන 540ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රකාශයට පත් කරයි.
  • ටස්මේනියාව දෙසැම්බර් 15 සිට තම සංචාරක නීති වෙනස් කරයි.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,188 ක් සමග කොවිඩ් මරණ 11 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 337 ක් හමුවී ඇත.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 4ක් ද Northern Territory වෙතින් එක් කොවිඩ් මරණයක් ද වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now