COVID 19 update 16 November: Northern Territory හි lockdown කිරීම සතියකට දීර්ග කෙරේ

2021 නොවැම්බර් 16 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Kiongozi wa Wilaya ya Kaskazini Michael Gunner amewahamasisha wakaazi wa NT wafanye vipimo na wachanjwe

Ministro Chefe do Território do Norte, Michael Gunner fez um apelo para que comunidades indígenas se vacinem. Source: AAP Image/Aaron Bunch

Highlights

  • අලුතින් කොවිඩ් ආසාදිතයින් 9 දෙනෙකු හමුවීමත් සමග Northern Territory හි Katherine කලාපයේ දින තුනක lockdown කිරීම දින 7 ක් දක්වා දීර්ග කර තිබේ. Northern Territory හි වාර්තා වූ සියලුම කොවිඩ් ආසාදිතයින් ඇබොර්ජීනියානු වැසියන් බව සඳහන්. මේ තත්ත්වය මත සියලුම ප්‍රජාවන්හි වැසියන්ට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස Northern Territory හි ප්‍රධාන අමාත්‍ය Michael Gunner ඉල්ලා සිටී.
  • නිවෙස්වල නිරෝධායනය වීම මත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා ක්වීන්ස්ලන්ත්ය නැවත සිය ප්‍රාන්ත සීමා විවෘත කර ඇත.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ St Basil's Homes for the Aged හි කොවිඩ් මරණ සම්බන්ධයෙන් සති 5 ක විමර්ශනයක් ආරම්භ වී තිබේ.
  • කොවිඩ් එන්නත් පිළිබඳ අපැහැදිලි සෞඛ්‍ය පණිවිඩ ජනතාවට ලැබීම නිසා ඔක්තෝබර් මාසයේ සිට National literacy hotline සහ The Reading Writing Hotline වෙත ලැබෙන දුරකතන ඇමතුම් 46% කින් ඉහළ ගොස් තිබේ.
  • විරෝධතා මධ්‍යයේ වික්ටෝරියානු වසංගත නීති සංශෝධන කෙටුම්පත විවාදයට ලක් කෙරේ.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 797 ක් සමග කොවිඩ් මරණ 8 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 212 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ
  • මේ අතර ගතවූ පැය 24 තුළ Northern Territory වෙතින් කොවිඩ් ආසාදිතයින් 9 ක්ද ACT වෙතින් 12 ක්ද වාර්තා වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now