COVID 19 update 08 Feb: Novavax කොවිඩ් එන්නතේ පළමු තොගය ඔස්ට්‍රේලියාවට පැමිණෙයි

2022 පෙබරවාරි 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Mwanamke apokea chanjo ya UVIKO-19 katika zahanati ya Sydney Road Family Medical Practice mjini Balgowlah 10 Januari 10, 2022 in Sydney, Australia.

Mwanamke apokea chanjo ya UVIKO-19 katika zahanati ya Sydney Road Family Medical Practice mjini Balgowlah 10 Januari 10, 2022 in Sydney, Australia. Source: Getty Images AsiaPac

Highlights

  • Novavax කොවිඩ් එන්නත් රැගත් පළමු නැව්ගත තොගය සිංගප්පූරුවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ. පෙබරවාරි 21 සිට Novavax එන්නත ඔස්ට්‍රේලියාවේ ලබාදීමට කටයුතු කර ඇති අතර මෙම පළමු තොගයේ එන්නත් මාත්‍රා මිලියන 3 ක් තිබෙන බව වාර්තා වේ.
  • සේවක හිඟය නිසා ඔස්ට්‍රේලියාවේ aged care පද්ධතියට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ 1,700ක් දක්වා පිරිසක් යොදවනු ලැබේ. කෙසේ වෙතත් aged care බලධාරීන් පවසන්නේ සේවක හිඟය සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.
  • NSW ප්‍රාන්තයේ සුදුසුකම් ලත් ජනගහනයෙන් 44% කට දැන් කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දී ඇත. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිහිටියන්ගෙන් 46% කට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දී තිබේ.
  • වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඉදිරි සති කිහිපය තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින වයස අවුරුදු තුනේ සිට පහ දක්වා ළමුන්ගේ පවුල්වලට නිවසට ගෙන යා හැකි rapid antigen පරීක්ෂණ කට්ටල සමඟ rapid antigen පරීක්ෂණ කරගැනීම සඳහා අවස්ථාව පුළුල් කරනු ඇත.
  • බොහෝ ප්‍රාන්තවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඩුවෙමින් පවතින අතර, ඒක පුද්ගල COVID-ආශ්‍රිත රෝහල්ගතවීම් සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවේ වැඩිම ප්‍රතිශතයක් Northern Territory යෙන් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 9,690 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 18 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,068 ක් රෝහල්ගත කර ඇති අතර 132 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 9,785 ක් සමග කොවිඩ් මරණ 20 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 575 ක් රෝහල්ගත කර ඇති අතර 72 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,178 ක් සමග කොවිඩ් මරණ 12 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 705 ක් රෝහල්ගත කර ඇති අතර 45 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.

ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 601 ක් වාර්තා වන අතර 15 දෙනෙකු රෝහල්ගත කර ඇත.


 

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now