COVID 19 update 07 October: NSW ප්‍රාන්තයේ ඇතැම් කොවිඩ් නීති ඔක්තෝබර් 11 සිට ලිහිල් කරයි

2021 ඔක්තෝබර් 07 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

SBS News in Macedonian 7 October 2021,

新州州長佩洛德(Dominic Perrottett)承認曾經穿著納粹服裝出席自己21歲生日會,事件擴大。 Source: AAP

Highlights

  • ආබාධිත පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාදීමේ වේගය වැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයේ අවධානය.
  • NSW ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලැබූ පිරිස 70% දක්වා ඉහළට.
  • ලෝකයේ වැඩිපුරම කොවිඩ් එන්නත ලබා දුන් නගරයක් බවට කැන්බරා පත් වෙමින් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,638 ක් හමුවී ඇත.

මේ අතර කොවිඩ් මරණ 2 ක් ද සිදුවී තිබේ.

එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ACT හි locked down කර නැති රතු කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ තැඹිලි කලාප ලෙස අද සිට නැවත වර්ගීකරණය කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසනවා.

එමඟින් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට නොහැකිව සිටි දහස් ගණන් වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට නැවත සිය නිවෙස් බලා ඒම පිණිස අයදුම් කිරීමට ඉඩ සැලසේ.

මේ අතර හෙට සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට කලින් වේලාවක් වෙන් නොකරගෙන ප්‍රාන්ත රජයේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානවලින් කොවිඩ් එන්නත් ලබාගත හැකිය.

අවධානය යොමුවූ ප්‍රදේශවල ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ටම වෙන්වූ තාවකාලික කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන දහයක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ආරම්භ කිරීමටද සූදානම් වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 587 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 8 ක්ද වාර්තා වේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 70% මට්ටමට ළඟා වීම හේතුවෙන් ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුමේ සංශෝධන සිදුකරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet නිවේදනය කළේය.

ඒ අනුව ඔක්තෝබර් 11 වනදා එනම් ලබන සතියේ සඳුදා සිට නිවෙස් තුළ රැස්විය හැකි පිරිස 10 දක්වා වැඩි කෙරෙන අතර ඊට ළමුන් නොසලකා හරින බව වාර්තා වේ.

එමෙන්ම එළිමහනේ රැස්විය හැකි උපරිම පුද්ගල ප්‍රමාණය 20 සිට 30 දක්වා ඉහළ දැමේ.

ඊට අමතරව විවාහ උත්සවවලට සහ අවමංගල උත්සවවලට සහභාගී විය හැකි උපරිම අමුත්තන් ප්‍රමාණය ඔක්තෝබර් 11 වනදා සිට 100 දක්වා දෙගුණ කෙරේ.

එමෙන්ම ගෘහස්ථව ක්‍රියාත්මක කෙරෙන පිහිණුම් තටාක ද යළි විවෘත කිරීමට අවසර ලැබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 41 ක් වාර්තා වේ.

මේ අතර කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 12 හෝ ඊට වැඩි පිරිස 96% මට්ටම ඉක්මවූ ඔස්ට්‍රේලියාවේ පළමු පාලන කලාපය බවට ACT පත්ව තිබේ.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසදිතයකු වාර්තා නොවේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

By SBS/ALC Content

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now