COVID 19 update 06 June: NSW සහ ක්වීන්ස්ලන්තය දෙමසකට පසුව අඩුම දෛනික ආසාදිතයින් වාර්තා කරයි

2022 ජුනි 06 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People exercising along the boardwalk at Bondi Beach in Sydney

People exercising along the boardwalk at Bondi Beach in Sydney Source: Getty Images/Lisa Maree Williams

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 19 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 14 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 03 ක්ද සහ බටහිර ඔස්ට්‍රේලියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලින් එක් කොවිඩ් මරණය බැගින්ද ඊට ඇතුලත්වේ.

NSW ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 4,486 ක් වාර්තා වී ඇති අතර ගතවූ මාස දෙක තුළදී වාර්තා වූ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව එය වේ. නමුත් NSW ප්‍රාන්තයේ පසුගිය දිනවල රෝහල්ගත කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර එය මේ වන විට 1,314 කි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,548  ක් වාර්තා වී ඇති අතර අප්‍රේල් 04 වන දිනෙන් පසුව ක්වීන්ස්ලන්තයෙන් වාර්තා වූ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව එය වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

NSW සෞඛ්‍ය සේවකයින්ට ඩොලර් 3,000 ක එකවරක් පමණක් ගෙවනු ලබන ගෙවීමක් ලැබෙන අතර මේ වසරේ වැටුප් සීමාව වැඩි කරන බව NSW ප්‍රාන්ත අගමැති නිවේදනය කළේය. විවිධ වෘත්තීය සමිතිවලින් වැටුප් වැඩිවීමක් සඳහා වූ ඉල්ලීම් රාශියක පීඩනයකින් පසුව, COVID-19 වසංගතයේදී ඔවුන් සිදුකළ බරපතල කාර්ය භාරය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවකයින්ට මෙම ගෙවීම ප්‍රදානය කෙරේ.

සති අන්තයේ දී යුරෝපයේ සිට ආපසු පැමිණි NSW පදිංචිකරුවන් දෙදෙනෙකු හට monkeypox ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ සිව්වන සහ පස්වන monkeypox ආසාදිතයින් වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම ආසාදිතයින් NSW හි කලින් වාර්තා වූ ආසාදිතයින් සමග සම්බන්ධ නොවේ.

Monkeypox අප්‍රිකාවේ කොටසකට ආවේණික වේ. කෙසේ වෙතත්, මැයි මස මැද භාගයේ සිට monkeypox වයිරසයට ආවේණික නොවන රටවල් කිහිපයකින් monkeypox රෝගීන් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි.

ජුනි 02 වන දින වන විට, monkeypox වයිරසයට ආවේණික නොවන කලාප හතරක් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සාමාජික රටවල් 27 කින් monkeypox රෝග පිළිබඳ රසායනාගාර-තහවුරු කළ රෝගීන් 780ක් වාර්තා වී හෝ හඳුනාගෙන හෝ ඇත.

උණ සහ කැසීම සහිත බිබිලි ඇති වන පුද්ගලයින් ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා හෝ ලිංගික සෞඛ්‍ය සේවාවන්හි උපදෙස් ලබා ගැනීමට පෙර ඔවුන්ව කල්තියා ඇමතිය යුතු බව දැනුම් දෙයි.


Share

2 min read

Published

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now