COVID 19 update 30 May: NSW සහ ක්වීන්ස්ලන්තය මැයි මාසයේ සිය අඩුම ආසාදිතයින් වාර්තා කරයි

2022 මැයි 30 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australian states and territories reported a decline in daily news cases on Monday. (file)

Australian states and territories reported a decline in daily news cases on Monday. (file) Source: (AAP Image/Richard Wainwright

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 06 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 03 ක්ද සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්, ක්වීන්ස්ලන්තයෙන් සහ ටස්මේනියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් මරණය බැගින්ද ඊට ඇතුලත්වේ.

සඳුදා දිනයේදී බොහෝ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරිවල අඩු දෛනික රෝගීන් සහ රෝහල්ගතවීම් සහ මරණ වාර්තා විය. කෙසේ වෙතත්, මෙය අසාමාන්‍ය දෙයක් නොවන බවත් ප්‍රාන්ත අනෙකුත් සතියේ දිනවල වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කළ බවත් මෑත දත්ත පෙන්නුම් කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පිළිවෙලින් දෛනික ආසාදිතයින් 5,855 ක් සහ 2,872  ක් වාර්තා කළ අතර එය අප්‍රේල් 04 න් පසුව ඔවුන්ගේ පහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙස සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ද දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙමින් පවතී. ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 6,649 ක් සහ පෙර සිදුවූ කොවිඩ් මරණ 4 ක් වාර්තා විය.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ජුනි 01 සිට ජුනි 30 දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට පවුලේ වෛද්‍යවරුන්ගෙන් සහ ඔසුසැල්වලින් තම flu එන්නත නොමිලේ ලබාගත හැකිය.

දකුණු ඔස්ට්‍රේලියාවේ flu එන්නත මැයි 29 සිට නොමිලේ ලබාගත හැකි අතර ක්වීන්ස්ලන්තය සහ බටහිර ඔස්ට්‍රේලියාවේද flu එන්නත නොමිලේ ලබාදේ. අනෙක් ප්‍රාන්ත ද මෙය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉල්ලුම අඩුවීම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාව විසින් Bedford Park සහ Walkley Heights COVID-19 Drive-through පරීෂණ සායනවල මෙහෙයුම් වේලාවන් අඩු කර ඇත. මැයි 30 වනදා සිට එම සායනවල කොවිඩ් පරීක්ෂණ සෑම දිනකම උදෑසන 7 සිට රාත්‍රී 10 දක්වා සිදු කරගත හැකිය.

Reconciliation දිනයේ නිවාඩුව යෙදී තිබුණද Garran Surge මධ්‍යස්ථානයේ සහ Mitchell drive through පරීෂණ සායනයේ මෙහෙයුම් නොකඩවා සිදුකරන බව Australian Capital Territory රජය පවසයි. අද දිනයේදී ACT රජය තම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව නිකුත් නොකළේය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly, කොවිඩ් එන්නත් පිළිබඳ විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ වැරදි තොරතුරුවලට එරෙහිව සටන් කිරීමේ ක්‍රම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වා ඇත.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now